(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මට්ටක්කුලිය සාවියා පටුමගේ දී දෙනෝ දහසක් දෙනා බලා සිටියදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඝාතනය සඳහා යොදාගත් කඩු දෙක කොටිකාවත්ත කොහිලවත්ත සුසාන භූමියේ සඟවා තිබියදී සොයා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි

ඉකුත් 28 වෙනි දින මෙලෙස ඝාතනයට ලක්ව තිබුනේ මට්ටක්කුලිය සාවියා පටුමග ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් බදුර්දීන් මොහොමඩ් ෆර්හාන් නැමැත්තකු බව පොලීසිය කියයි

ඝාතනයට ලක්වූ පුද්ගලයා ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම් වලින් උපයා ගත් මුදල් උන්ඩියල් කිරීමේ ජාවාරමෙහි යෙදෙන්නෙක් බවත් බවත් පොලිසිය කියයි

විදේශ රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ කරුවකු වන සලිදු නැමැත්තා ගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ මුදල් උන්ඩියල් කිරීමට භාර ගෙන නැවත මුදල් නොදී මග හැරීමේ සිද්ධියක් පදනම් කරගෙන මෙම ඝාතනය සලිදු නමැත්තා ගේ උපදෙස් මත ඩුබායි හි සැඟව සිටින වනාතේ දුමින්ද උදිත කුමාර නමැත්තා විසින් මෙහෙයවන ලද්දක් බව පොලිසිය කියයි