(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මට්ටක්කුලිය සාවියා පටුමග ප්‍රදේශයේ දී ඉකුත් (28) දින මෝටර් රථයකින් පැමිණ පිරිසක් විසින් පුද්ගලයකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුවන් වැල්ලම්පිටිය සහ ගොතටුව යන ප්‍රදේශවල දී ඊයේ (13) පස්වරුවේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව හෙරොයින් තිබූ බවත් පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලම්පිටිය සහ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව තිබුනේ සාවියා පටුමග, මට්ටක්කුලිය ලිපිනයේ පදිංචි මොහොමඩ් බදුර්දීන් මොහොමඩ් ෆර්හාන් නමැති ව්‍යාපාරිකයකු බව පොලීසිය පවසයි.
මෙම පුද්ගලයා ඝාතනය කිරීමට අනුබල ලබා දීම සම්බන්ධයෙන් එක් සැකකරුවකු මීට පෙර විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd