
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රජයට දැඩි මතවාදී ප්‍රහාර එල්ල කරන මන්ත්‍රීවරයකු වන තමා සමාජ විරෝධී ක්‍රියාවලට ක්‍රියා වලට සහය දක්වන්නේ නම් අද සිටින්නට සිදුවන්නේ පාර්ලිමේන්තුවේ නොවේ යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් නගමින් පැවසීය.
සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය තමා කුඩුකාරයන් රකින බවට පාර්ලිමේන්තුවේ දී තමාට බැන වැදුණු බවත් ඉදිරියේදී මෙවැනි ප්‍රකාශ වලට ඉඩ නොතබන ලෙසත් ඉල්ලා සිටිමින් මුජුබර් රහුමාන් මහතා මෙසේද සඳහන් කළේය.
ආගමන හා විගමන පාලකවරයා විදේශිකයෙකුට රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමක් පිළිබඳව පාර්ලිමේන්තුවේදී කළ හෙළිදරව්වෙන් අනතුරුව ඩයනා ගමගේ මන්ත්‍රීවරිය මට පාර්ලිමේන්තුවේදී පරිභව කළාය.
කොළඹ කුඩුකාරයන් රකින මුජුබුර් යනුවෙන් ඇය මට බණ වැදුනා.
මා පැවසූයේ මෙි උත්තරීතරය සභාවේ අප සියලු දෙනාම එකඟ වූ නීති වලට පිටින් එක්කෙනෙක් සිටින බව පමණයි. ජනතා පරමාධිපත්‍යය රැකගැනීම සභාවේ සිටින සියලු දෙනා දෙනාටම තිබෙන වගකීමක්.මා කළේ මම දන්නා දේ සභාවට කීමය.
මා මේ සභාවෙි සිටින ජේෂ්ඨ දේශපාලන නායකයින් සමග මෙන්ම වත්මන් ජනාධිපතිවරයා සමගත් දේශපාලනය කළ අයෙක්.සමාජ විරෝධී හෝ අපරාධකාරයින් වෙනුවෙන් කිසිදු මොහොතක පෙනී නොසිටි බව මා තරයේ කියමි. එමෙන්ම රජයට දැඩි ප්‍රහාර එල්ල කරන මන්ත්‍රීවරයෙක් ලෙස බුද්ධි අංශ නිලධාරීන් මා පිටුපසට හඹා ආවේය.එවැනි තත්ත්වයක් යටතේ මා සමාජ විරෝධීන් ට සහාය සහාය දක්වන්නේ නම් අද මා සිටින්නේ පාර්ලිමේන්තුවේ නොවේ.ඉදිරියේදී මෙවැනි ප්‍රකාශ වලට ඉඩ නොතබන ලෙස ඉල්ලා සිටිමි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.