
(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් වසංගතය හේතුවෙන් විවාහ මංගල උත්සව ඇතුළු ක්‍රියාකාරකම් කිහිපයක් සඳහා පනවා තිබූ සීමා ලිහිල් කරමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබ ඇත.
ඒ අනුව විවාහ මංගල උත්සව ශාලාවන්හි අමුත්තන් 100 දෙනෙකුට සහභාගිවීමට අවසර හිමි වනු ඇත. එළිමහන් මංගල උත්සව අමුත්තන් 150ක උපරිමයකට යටත්ව පැවැත්වීමට අවසර හිමි වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසයි.
කෙසේ වුවත් විවාහ මංගල උත්සවවලදී මත්පැන් භාවිතා කිරිමට තවදුරටත් අවසර හිමි නොවනු ඇත.
මේ අතර ආපන ශාලා තුළ එකවර උපරිම වශයෙන් පුද්ගලයින් 75 දෙනෙකුට ආහාර ගැනීම සඳහා අවසර හිමිව ඇති අතර එළිමහන් උත්සව සඳහා සහභාගිවිය හැකි උපරිම සංඛ්‍යාව පුද්ගලයින් 100ක් දක්වා වැඩි කර ඇත.
එමෙන්ම කාර්යාල රැස්වීම් සඳහා අවසර හිමිවන්නේ අදාළ ශාලාවේ ඉඩ ප්‍රමාණයෙන් තුනෙන් එකක ප්‍රමාණයකට වන අතර එය උපරිමය පුද්ගලයින් 150කට සීමා කර ඇත.
මේ අතර රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා පනවා තිබු සංචරණ සීමා අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔව්, බොන්නෙම නෑ මගුල් ගෙවල් වල... හරියටම නීතී පිළිවෙලට රකිනවා. ඔහොම්ම අවමගුල් වලට සහභාගි වෙන ගාණත් වැඩි කළා නම් හොඳයි...
රට ගිනිගන්නකොට මගුල් ගැන කතාකරනවා.
අවධානම පහව ගිහින් නැහැ කියලා කියන අයම තමා මේ සීමාවල් ඉවත් කරන්නේ, තවත් රැල්ලක් වැඩි ඈතක නැහැ.
පාලකයන්ට රට පාලනය කරන්න බෑ. ජනතාවට බනිනවා නීති කැඩුවා කියලා...
මගුල් උත්සව., කොටහලු උත්සව, පින්කම් වැනි දැවෙන ප්‍රශ්න ගැන අවධානය යොමුකිරීම ගැන ස්තූතියි. බිග්මැච් පැරේඩ්, පෙරහැර වැනි දැවෙන ප්‍රශ්න ගැනත් ඔබේ අවධානය යොමුවේවා.