IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මඟ තොටේ ඇති සන්නිවේදන කම්බි ගත්තොත් වැඩ වරදී

(අංජුල මහික වීරරත්න)

අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශ වල නිරාවරණය වී ඇති විදුලි සංදේශ රැහැන් වලට හානි කිරීම හා කපා ඉවත් කිරීම වැළැක්වීම සඳහා පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජන සහාය ඉල්ලා සිටී.

දිවයින පුරා පැවති දැඩි ආපදා තත්ත්වය හේතුවෙන් අත්‍යාවශ්‍ය සන්නිවේදන රැහැන් (Fibre Optics සහ තඹ) කේබල් වලට හානි වී හෝ පොදු ප්‍රදේශවල ඒවා නිරාවරණය වීම හේතුවෙන් යම් තැනැත්තන් විසින් මෙම රැහැන් විශාල වශයෙන් කපා ඉවත් කිරීම සිදු කර ඇති බවත් එම හානි වළක්වා ගැනීම සඳහා මෙම තත්ත්වය සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කරන ලෙසටත් ඩයලොග් ආසියාටා සමාගම විසින් පොලිස්පතිවරයා  වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇතැයි මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ආපදාවට ලක් වූ මාර්ග නැවත අලුත් වැඩියා කිරීමේදී ද භූගත විදුලි සංදේශ රැහැන් වලට හානි සිදුව ඇති බවටත් එම සමාගම වැඩිදුරටත් දන්වා ඇත.

මෙම තත්ත්වය සන්නිවේදන පහසුකම් කඩිනමින් යථාවත් කිරීමේ කාර්යයට දැඩි ලෙස බලපා ඇත. එබැවින් ආපදා තත්ත්වයෙන් නිරාවරණය වී ඇති සන්නිවේදන රැහැන් වලට හානි කිරීම, එවැනි රැහැන් කපා ඉවත් කිරීම, ලඟ තබා ගැනීම හෝ එවැනි පද්ධති වලට හානි සිදු කිරීම නොකරන ලෙසත් එවැනි ක්‍රියාවන් සිදු කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් වන බවටත් පෙන්වා දෙන අතර මෙවැනි ක්‍රියා සිදු කිරීම සම්බන්ධව තොරතුරු වාර්තා වේ නම් ආසන්නතම පොලිස් ස්ථානය දැනුවත් කරන ලෙසට ශ්‍රී ලංකා පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

එසේම යම් ආපදාවකට ලක් වූ මාර්ගයක් නැවත සකස් කරන අවස්ථාවන් වලදී මෙවැනි භූගත විදුලි සංදේශ රැහැන් නිරීක්ෂණය වන්නේ නම් අදාළ ආයතනයන් වලට දැනුම් දීමට කටයුතු කරන ලෙසට ද දැනුම් දෙයි.



අදහස් (0)

මඟ තොටේ ඇති සන්නිවේදන කම්බි ගත්තොත් වැඩ වරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site