(තිලකරත්න දිසානායක)
මහා සංඝරත්නයට අපහාස වන ලෙස ප්‍රකාශ සිදුකළ අමාත්‍යවරුන් වන මංගල සමරවීර සහ රාජිත සේනාරත්න මෙන්ම චතුර සේනාරත්න මන්ත්‍රීවරයා ගම්පහ ප්‍රදේශයේ කිසිඳු විහාරස්ථානයකට නොගැනීමට ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමය අද (04)තීරණය කළහ.
ගම්පහ පහළගම විද්‍යරවින්ද පිරිවෙනේ විහාරාධිපති පහළගම සෝමරතන නාහිමි මෙම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමයේ රැස්වීමෙහි මුලසුන හෙබවූහ.
ගම්පහ සාම මහා විහාරස්ථානයේ පැවති මෙම රැස්වීම අවසානයේදී විහාරාධිපති සංගමය විසින් ඒකමතිකව ගනු ලැබූ මෙම තීරණය ගම්පහ ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම් තෝරපිටියේ ආනන්ද නාහිමියෝ මෙලෙස ප්‍රකාශ කර සිටියහ.
තවද උන්වහන්සේ සොඳහන් කර සිටියේ මෙම දේශපාලනඥයින් තිදෙනා ගම්පහ ප්‍රදේශයෙහි කිසිඳු විහාරස්ථානයකට ආගමික හෝ වෙනත් කිසිඳු උත්සවයක් සඳහා සහභාගි නොකර ගැනීමට ඒකමතිකව ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමය විසින් ගනු ලැබූ මෙම තීරණය ඉදිරියේදී රටේ සියලුම විහාරස්ථානයන් මගින් ක්‍රියාත්මක කරනු ඇතැයි අදහස් කරන බවය.
එසේම මෙහිදී රටේ සියලුම ජාතීන්ට සාමුහිකත්වයෙන් පිළිගතහැකි සහ ක්‍රියාත්මක කළ හැකි පොදු නීති රීති මාලාවක් රට තුළ ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක් පාලන තන්ත්‍රය තුළින් ඉදිරියේදී ඇති කළ යුතු බවද උන්වහන්සේ ප්‍රකාශ කර සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල, දමිල, මුස්ලිම්, බර්ගර්, බෝරා මෙකි නොකී සිළුම ජාතිකයින්ට උඩරට, පහතරට සහ උතුර, කතෝලික හින්දු, මුස්ලිම් සියලුම ආගම් වලටත් මුළු ශ්‍රී ලංකාවටම බලපාන එකම පොදු නීති පද්දතියක් ස්ථාපිත කළයුතුය.
අන්තවාදීන්ගේ පල්ලියේ දොර ඇරලා දෙමු මංගලට...
හාමුදුරුවනේ ඔය නීතියෙන් පහරක් වදින්න ඔය කට්ටිය අව්වට වැස්සට ඇරෙන්න පන්සල් ගිය මිනිස්සුද? නෑනේ?
ඒක පුදුම නීතියක්නේ ... මෙය බුදුදහමේ හරයට සම්පුර්ණවම එරෙහිවීමක් ..එදා බුදුන් දවස බුදුදහමට එරෙහිව මොනතරම් විරුද්ධවාදීකම් කළාද එවිට බුදුන් ගත්තෙත් මෙවැනි ක්‍රියා මාර්ගයක්ද ? කෙනෙක් වැරදි මාර්ගයේ යනවානම් පුද්ගලයාව ප්‍රතිෂේප නොකර ඔහුව හරි මාර්ගයට ගැනීමට බුද්ධ පුත්‍රයන් දක්ෂ වෙන්න එපාය ..
හොඳ ප්‍රවණතාවක්. රටේ අනිකුත් විහාරස්ථාන වලටත් මෙය ව්‍යාප්ත වේ යයි සිතමි.
මේක යකාගේ වැඩක්නේ! බුදුහාමුදුරුවෝ නම් දේශනා කරලා තියෙන්නේ නහී වේරේන වේරානි කියලයි.
කියන්න ලේසියි. කිව්වම හරි ජනප්‍රියයි. හැබැයි හොදට කල්පනා කරලා හදන්න වෙයි. අපේ රටේ ප්‍රශ්ණවලට ගෙනාපු විසදුම් බොහොමයක් අළුත් ප්‍රශ්ණ ඇති කළා. ගැටලු ඇති තැන් විතරක් වෙනස් කළොත් හොදයි. මොකද පාරම්පරික නීති රටේ පොදු නීතිය උල්ලංඝණය නොකරනවා නම් සහ අනෙක් ජන වර්ගවලට ගැටලුවක් නොවේ නම් වෙනස් කරන්න හදිසි වෙන්න එපා.
මංගලගේ ප්‍රකාශය වැරදියි.... ඒක විවාදයක් නැහැ... ඒත් පංසලකට ඇතුල්වීම තහනම් කළ හැකිද?? බුදුරජාණන් වහන්සේ අංගුලිමාලලා, දේවදත්තලාටවත් එහෙම කළාද?
උතුරට විතරක් තියෙන තේසවලාමේ නීතියත් ඉවත්කලයුතුයි.
ඉතා හොද ක්‍රියාමාර්ගයක්...
බුදුන් දෙසූ ධර්මය මෙය නොවේ.
බොහොම හොඳ තීරණයක්. ඒ වගේම විනය විරෝධී වැඩ කරන, විවිධ අපරාධ දූෂණ චෝදනාවන්ට ලක්ව සිටින භික්ෂූන්ව සංඝ සමාජයෙන් නෙරපන්න ක්‍රමවත් වැඩපිලිවෙලකුත් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධානත්වයෙන් ඇරඹුවොත් තවත් හොඳයි.
හොද තීරණයක් පන්සල් වලට ඒමට සුදුසු වන්නේ ධර්මයෙහි පිහිටන ඇත්තෝ හොරකම් දුෂණ වංචා රට පාවාදීම් කරන මේ කිසිම කෙනෙකුට පන්සල් දොර වහන්න ඕනේ බොරුවට සිංහල බුද්දාගම කරේ තියන් එන බොහෝ නායකයන් ගේ ධර්මානුකූල දිවි පැවැත්මක් නැත.
චාරයක් නැති අයට කටකලියාවක් දැමීම අත්‍යවශ්‍යයි.
අවසරයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා ගත් තීරණය රටේ ජාතියේ පැවැත්ම සඳහා ගත් තීරණයකි. මෙයට මගේ වන්දනාමය ස්තුතිය පුද කරමි. කිසිම ආගමික ස්ථානයකට හෝ ආගමික කටයුත්තකට ඔවුන් වැද්ද නොගත යුතුයි.
අවසරයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා ගත් තීරණය රටේ ජාතියේ පැවැත්ම සඳහා ගත් තීරණයකි. මෙයට මගේ වන්දනාමය ස්තුතිය පුද කරමි.කිසිම ආගමික ස්ථානයකට හෝ ආගමික කටයුත්තකට ඔවුන් වැද්ද නොගත යුතුයි.
ඉතා හොඳ තීරණයක්. මෙය කල යුතුව තිබුනේ ලංකාව නිදහස ලබාගත් සමයේ
ඒ වගේම මේගොල්ලන්ට පන්දම් අල්ලන අයටත් ඔය තහනම ගෙන්න ඕන.
බොහොම හොදම තීරණයක් ගම්පහ විතරක් නොවී ලංකාවේම පන්සල් මේ තුන් දෙනාට තහනම් කරන්න ඕනි.
අයියෝ මෙහෙමත් අපරාධයක්! දැන් ඒ උපාසක මහත්තුරු හතරපෝයට සිල්ගන්නේ කොහොමද?
ගම්පහට පමණක් නොව ලංකාවටම බලපාන පරිදි ක්‍රියාත්මක කල යුතුයි.............
ඉතා හොද තීරණයකි.... අනික් පන්සල් පල්ලි ඇතුළු ආයතන වලත් රට පුරා ක්‍රියාත්මක කල යුතුය..
වැඩේනම් හොදයි
මොවුන් ප්‍රසිද්ධ ස්ථානවලට ආවම ගල් ගහල එලවන්න ..... හූ කියන්න ජනතාව එකතුවෙන්න ඕනි දැන් 225 නැහැ දැන් ජනතාවගේ හදවත් තුළ - අපි දැන් එතනට එන්න ඕනි...
ඇයි ? කිරිඇල්ල , අනුර කුමාර......
රට මුහුණ දේ ඇති තත්ත්වය හමුවේ දේශපාලකයන් ගේ විනය සදාචාරය හැදීම අනිවාර්යයි. මහා සංඝරත්නය මේ ගත්ත නිවැරදි තීරණය මුළු රටේම පැතිරේවා.
කාට නැති උනත් කමක් නැහැ අපේ මංගල උතුමාණන්ට නම් එන්න දෙන්න අනේ
කරන්න ඕන ඒක නෙවෙයි, සෙට් එකටම හැම ඉරිදාම දහම් පාසල් එන එක අනිවාර්ය කරන එක.
කොහොමත් මංගල පන්සල් යන්නේ නැහැනේ.
හොද තීරණයක්! රාජිත සහ ඔහුගේ පුතා කොලඹ ආනන්ද මාතාවගේ සේවෙනේ හැදු වැදුණු බවක් පෙන්නේ නැත. තාත්ත ඡන්ද වෙනුවෙන් මෙවැනි ප්‍රකාශයන් කරන බව පෙනේ. ජනතාවට සබැ ආදරයක් ඇති බවක් පෙන්නුම්කරන්නේ නැත. පුතා ගැන නම් කතාකරල වැඩක් නෑ. ගම්පහ ජනතාවෙනි මෙවැනි අයට නැවත ඡන්දය දෙන්න එපා!
මන්ත්‍රීලා මැති ඇමතිලා වාහන ගනිද්දී සද්ද නැත. පඩි සහ විශ්‍රාම වැඩි කරගද්දී සද්ද නැත. අලුත් බදු ක්‍රමයක් ගෙනත් මිනිස්සු සූරාකද්දී සද්ද නැත. දේශිය ආර්ථිකේ ශක්තිමත් කරගන්න සද්ද දාන්නේ නැත. මේ කරන්නේ විහිලු සැපයීමයි. මාලු කන්නේ නැති මිනිස්සුන්ට මාලු කඩේ එන එක තහනම් කරා වගේ වැඩක් මේක.
බෞද්ධ ධර්මය මුලු විශ්වයටම පොදු බව දන්නෙ නැතුව ඇති.....
අනේ සාදු ... එනක්න දෙන්න එපා...
ඉතා හොඳ පියවරක්. රට විනාශ කරන මුලික අයගෙන් තුන්දෙනෙක්. එක්කෝ මොවුන් හිරේ දැමිය යුතයි. නැතිනම් රටෙන් පන්න දැමිය යුතුයි. මොවුන් රටට ශාපයක්.
මහසඝ රැවනට බොහොම පින්.. මේ රට සාසනේ රකිනවාට.... ලංකාවෙම ඔහොම කරන්න
ඒ කියන්නේ බෞද්ධ විහාරස්ථාන කියන්නේ ආණ්ඩුව කරන මේ කියපු හැම ක්‍රියාවක් දිහාම බලන් ඉඳල ඒවට විරුද්දව ක්‍රියත්ම වෙන්න ඕන තැනක් කියලද, අදාළ දේට, හරි ක්‍රියා මාර්ගයක් ගත්තම එකෙත් වැරද්දක් හොයනවා, ආණ්ඩුව කරන හැම වැඩක් දිහාම බලන් ඉඳල ඒවාට තහනම් දාන්න නෙවෙයි පන්සල් තියෙන්නෙ,
අපෙ ගරු ස්වාමින් වහන්සෙලාට බොහොම පිං සිදුවෙවා. එවැනි තීරනයක් ගැනීම සම්බන්දව මට සමාවෙන්න ඕනෙ පලමුවෙන් අපි සිංහල නිසා හරිම ඉක්මනට සියලුදෙම අමතක වෙනවා අපෙ හාමුදුරුවනේ කලින් කුඩු කිය කිය අල්ලන අතරෙ මදුස් නිසා ඒක අමතක උනා මදුෂ් කිය කිය ඉන්න අතරෙ බෝම්බ පිපිරෙව්වා දැන් ඒකත් අමතකයි.
මේ මොන විහිලුද ? මෙහෙම බැලුවොත් ලංකාවේ 25% ටවත් පන්සල් යන්න දෙන්න වෙන්නේ නැත.
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සිදුවුණු මේ සිද්දිය බොහොම වැදගත්. යහපාලනය කියා බලය ලබාගෙන අන්තිමේදී පන්සලේ හතර මායිමේ එන්න බැරි වුණා. මේ අය දැන් මුස්ලිම් පල්ලි වලට ගන්න එක්කක් නැතිවේවි.
රටක් ජාතියක් ආගමක් නැති මේවගේ එවුනට ඇත්තේ සල්ලි හම්බකරන අරමුණ විතරයි . ලංකාවේ මිනිස්සු හරිම අවසානවන්තයි . අපිට අපේම කියල නායකයෙක් නැහැ. ලංකාවේ ජනතාව මේවගේ සාතන් ල නම් නැවත පාර්ලිමේන්තුවට එවන්නේ. රටටත් ජනතාවට අබ සරණයි.
බුදු හාමුදුරුවොත් ඔහෙම කළා ද? අඩු ගානෙ දේවදත්තවත් පන්සලෙන් එලෙව්වෙ නෑ නේද හාමුදුරුවනේ. අජාසත්තට පන්සල තහනම් කලේ නෑ නේද? ලංකාවෙ හාමුදුරුවරු ගෞතම බුද්ධ ශාසනේ නොවන නිසත් ඔවුන් සිංහල බුද්ධ ශාසනයේ නිසත් ඔහොම කිරීමේ වරදක් නෑ
අවුලක් නැහැ. මේ මිනිස්සු කොහොමත් " වොයිස් කට් " දෙන්න බලාගෙන පන්සල් යන අය නෙවෙයිනේ.
දැන් හාමුදුරුවරු වෛරය උපදින දේවල් තමයි මිනිසුන්ට කියා දෙන්නේ. මේවා හරි නැහැ.
මේ අයට විතරද පන්සල් තහනම්? පන්සල් තහනම් වියයුතු භික්ෂුන් කොපමණ සිටිනවාද? රටේ සමහර අය කරන සහ කළ වැරදි ගැන කොපමණ කට පියාගෙන ඉන්නවද?
දැන් අපේ රටේ " බුද්ධ ධර්මය " දේශපාලන මතවාදයකට ... පරිවර්තනය වෙමින් පවතිනවා ..!!!
මේවා නිකන් සංදර්ශන විතරයි. බලන්න තව දින කීපයකින් හාමුදුරුකෙනෙක්ම ලොකු උත්සවයක් පන්සලේ තියල මොවුන්ට ආරාධනා කරලා පිළිගන්නේ නැද්ද කියල.
බ්‍රහ්ම දණ්ඩනය, පත්ත නික්කුජ්ජන කර්මය තමයි මේ මංගලට දී ඇත්තේ...
බුදුන් වහන්සේගේ ධර්මයට අනුව යන සංඝරත්නයද මේ තහනම් නියෝග ගේන්නේ? මේකද බුද්ධ දර්ශනය? නෑ මේක මහින්ද රාජපක්ෂ දර්ශනය...
මේකද බුද්ධ දර්ශනය? බුදුන් වහන්සේ ගේ ධර්මයට අනුව යන සංඝ රත්නයද?
මිනිසුනි, ගම්පහ ඔය කියන පන්සල්වලට යන එක ගැන අපි දහස් වාරයක් හිතමු.
එතකොට අධිකරණ නියෝග පන්සල් වලිනුත් දෙන්න පුළුවන් ද නොදන්නා නිසයි අහන්නේ
පන්සල් වලට විතරක් නෙවෙයි, මොන දේකටවත් දේශපාලකයෝ අවශ්‍ය නැහැ. ලංකාවේ තමයි දේශපාලකයෝ ඉස්සර කරගන්නේ හැම දේකටම. .
ජාතීන් අතර වෛරය ඇතිකර හෝ බලය රැක ගැනීමට උත්හස කරන අය රටෙන්ම අතුගා දැමිය යුතුයි.....
මේ අයට ගම්පහ වගේම මෙල්බන් වලටත් එන්න අපි ඉඩ තියන්නේ නැහැ.