(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
කිරින්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දැනට ලියාපදිංචි වී තිබෙන “මංගල සමරවීර පෙදෙස”යන නම තම ගමෙන් ඉවත් කර ඒ වෙනුවට “ළිඳ ගාව වත්ත මාවත”යන නම යොදන ලෙස එම ගමේ පදිංචිකරුවන් පිරිසක් විසින් කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාව වෙත ඉදිරිපත් කළ යෝජනාවක් අද (11) වැඩි ඡන්ද තුනකින් සභා සම්මත විය.
අත්සන් 110කින් යුත් පෙත්සමක් එම ප්‍රාදේශීය සභාවේ සභාපති සනත් හෙට්ටිආරච්චිමහතා වෙත ඉදිරිපත් කරමින් සිය ගමෙහි නම එලෙස වෙනස්කරන ලෙස ගම්වාසීහු ඉල්ලා සිටියහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සභාපති සනත් හෙට්ටිආරච්චි, මන්ත්‍රීවරුන් වන ශාන්ත රාජපක්ෂ, බර්ටි සමරසිංහ, විමලසිරි රුවන්පතිරණ, සිරිසේන විජේසිංහ, අනිල් වීරකෝන් හා අශෝකා වික්‍රමසිංහයන මන්ත්‍රීවරුන් හත්දෙනාම එම යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන්හ.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් වන බන්දුල මොහොට්ටාල, ක්‍රිෂාන් ජයසේකර හා ගංගා මධුෂානි විමලගුණසේකර යන මහත්ම මහත්මීන් තිදෙනා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී අනිල් කරුණානන්ද මහතා පමණක් එම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශකළහ. ඒ අනුව විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව හතරකි.
කෙසේ වෙතත් වැඩි ඡන්දයෙන් සම්මත වූ එම යෝජනාව ඉදිරි කටයුතු සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා වෙත යොමු කිරීමට නියමිතව ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපන් දේශයට නිගා දෙන, නිර්මල බුදු දහමට ගරහන, මහා සංඝරත්නයට අපහාස කර ආර්ය උපවාදයට ලක්වුණු කෙනෙකුගේ පරිහීම ඈතක නැත. ඔවුනගේ අනිත් භවයන්ද අපාය ගාමී ය.
"ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී " බෝඩ් ටික දැක්කම අපේ රට ගැනම දුකකි..
මෙවැනි කටයුතු කවුරු කලත් සදාචාරයට ඔබින වැඩ නොවන බව කිවයුතුය. මෙයින් සවුත්තු වන්නේ ඉවත් කරන නමේ හිමිකාරයා නොව නම ඉවත් කිරීමට කටයුතු කරන පුද්ගලයින්ය. මෙය බොළඳ හා පුද්ගල වෛරී දේශපාලනයේ තවත් එක අවස්ථාවකි.
හරක් හොරුන් සහ කුඩුකාරයන්....
ඇත්තෙම මෙය නම් හොඳ ක්‍රියාවක්... ලංකාවේ තිබෙන සියලුම "මූසල" දේශපාලකයන්ගේ නම්ගම් සහිත බෝඩ්, සිමෙන්ති බැමි, අනේකවිධ නාමපුවරු සියල්ල කඩා දැමිය යුතු බව අපගේ අදහසයි. මේ සියලුම නම්ගම් ප්‍රසිද්ධියට අහිංසක මහජනතාවගේ මුදල් අත දිගහැර වියදම් කර මෙම පරයන්ගේ නම්ගම් සඳහන් කිරීම ලැජ්ජා සහගත බව යන්තම් හෝ සිතීමට හැකි මිනිසුන්ගේ මනසට එන අදහසකි...
ලංකාව ලෝකයේ නුගත් රටක් බව ප්‍රකාශ වී කොන් වේවි .
මාතර හැමෝම නරක නැහැ වගේ! ජාති ද්‍රෝහී ක්‍රියා මාතර හැමෝම අනුමත කරන්නේ නැති බවට මෙය හොඳ සාධකයක්.
කිරින්ද පහුවෙලා ප්‍රාදේශීය සභාවේ මහජන නියෝජිතයන් වැටුප් නොලබා ගරු සේවයක නිරත වේ.
මේක පිටිපස්සේ ඉන්නේ.. පොහොට්ටු ගං කබරයින් ටිකක්... ! මොවුන්ට අපි කියන්නේ ජරාව කාපු රිලව් ..කියලා. අන්න ඒ නම තමයි ගමට දාගන්න තිබුනේ.
එතකොට අර රැළියට ආවේ කොහේ අයද?
ඔය ගමට "මංගල" කියලා නම දා ගත්තා නම් හොඳයි.
ඔය නම ගමෙන් නොවෙයි රටෙනුත් ඉවත් කරගනියි ඉදිරියට.
කිරින්ද- පුහුල්වැල්ල සභාවේ වැඩිපුරම ඉන්නේ තණකොළ කන අය කියලා දැනගත්තම හරිම ලැජ්ජයි.
නම කපලා දැම්මට වැඩක් නැහැ.