(අජන්ත කුමාර අගලකඩ)
ශීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වයිරසය පාලනය කිරීමේ පියවරක් ලෙස ,පළාත් අතර සංචරණ සිමා රජය විසින් ඊයේ (10) යළි පනවනු ලැබීය .
මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ පළාත් අතර සංචරණ සීමා රජයේ විසින් ඉවත් කරනු ලැබුවේ පසුගිය 2වැනිදා සිටය.
එහෙත් කොරෝනා ව්‍යාප්තියේ ශීඝ්‍ර වර්ධනය සැලකිල්ලට ගනිමින් සංචරණ සීමා යළි පනවන්නැයි සෞඛ්‍ය අංශ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි .
ඒ අනුව පළාත් අතර සංචරණ සීමා යළි පැනවීමට රජය පියවර ගත්තේය .
මේ අතර, මංගල උත්සව සඳහා සහභාගී කරගත හැකි පිරිස පනහකට සීමා කිරීමටද රජය තීරණය කර ඇත
විවාහ මංගල උත්සව සඳහා 150ක පිරිසක් සහභාගි කරවා ගැනීමට සෞඛ්‍ය අංශ මීට ඉහතදී අවසර දී තිබිණි .
මේ අතර, ආගමික උත්සව තාවකාලිකව තහනම් කිරීමට ද රජය තීරණය කර ඇත. නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද රාත්‍රියේ නිකුත් කරනු ලැබීමට නියමිතව තිබිණි .
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ,සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් අතර ජනාධිපති කාර්යාලයේ අද පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම නව තීරණ ගෙන ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කළා වගේ... මේ වෙලාවේ මොන මගුල්ද? කල් දමන්න...
අද අරිනවා. හෙට වහනවා. රට කනවා. ඔක්කොම එකතු වෙලා...
මහාචාර්ය මලික් පීරිස්, විශේෂඥ වෛද්‍ය සංගමය, අනිකුත් වෛද්‍යවරු කවුද? කාර්ය සාධනේ අපි තමයි ලොක්කෝ.... අපි කියන දේ තමයි වියයුත්තේ...!!!
දියවන්නාවේ 225 දෙනාත්, පළාත් භාරව සිටින රජවරුනුත්, සංස්ථා හා මණ්ඩල ප්‍රධානීනුත් එක්ව රට කමින් කියනවා අපිට මගුල් කන්න එපා කියල හරිද