( ඉන්දිකා රාමනායක )
මීගමුව ප්රදේශයේ නිවසකට ඇතුළු වී පුද්ගලයකුට පහරදී එම නිවසේ තිබු ජංගම දුරකතන 5 ක් වෑන් රියක් කොල්ලකෑමේ සිද්ධියේ ප්රධාන සැකකරු එක්සත් ජාතික පක්ෂයේ මීගමුවේ හිටපු ආසන සංවිධායක හිටපු පළාත් භා මන්ත්රී රොයිස් ප්රනාන්දු මීගමුව නගරයේදී අද ( 07) කටාන පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සිද්ධියෙන් අනතුරුව පොලිසිය මගහරිමින් මාස 4 කට අධික ඛාලයක් සැඟව සිටියදී මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු හෙට( 08) මීගමුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද දේශපාලනය කරන්නේ මැරයින්. ඉතින් මේ අයගෙන් රටට සෙතක් වෙයිද?
මේ තරම් විශාල මිනිසෙක් මාස 4ක් කිසි කෙනෙකුට නොපෙනී සැඟවී සිටියේ කෙසේද?
මේවගේ මුරුගයින්ට ඡන්දෙ දෙන කඩේයන හරක් අපේ රටේ ඉන්නකන් පාර්ලිමන්ට් එක සුද්ද වෙන්නේ නැහැ...
පක්ෂ බෙදා නොසිතා මොවුන්ගේ අඬු කඩන්න. කව්ද කඩන්නේ?
මෙයා ගත්ත සල්ලි වලින් කොටසක්.. කාවින්ද ජයවර්ධනටත් ගිහින්ලු... එහෙම තමයි මීගමුවේ කතාව යන්නේ...
මෙවැනි උදවිය තවතවත් පත් කළ යුතුයි. එතකොට අපිට බය නැතිව කියන්න පුළුවන් වෙයි ලෝකෙන්ම උතුම් රට ලංකාව කියලා. මොකද හොඳින් හරි, නරකින් හරි උතුම් නේ...