
(යොහාන් භාසුර)
අනිසි ලෙස කුණු කසල බැහැර කිරීම, කැඩී බිඳී ගිය බොට්ටු සහ ධීවර ආම්පන්න හේතුවෙන් අපවිත්‍රව ඇති මීගමුව කලපුව සහ අවට ප්‍රදේශය සංචාරක කර්මන්තයට සහ ධීවර කර්මන්තයට සුදුසු පරිදි පිරිසිදු කර යථාවත් කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීමට, ජාතික ජන බලවේගයේ මීගමුව ආසන සංවිධායක, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරු එම ප්‍රදේශයේ නිරීක්ෂණය කළහ.
කලපුව සහ එහි ඇති දූපත ඇතුලු අවට ප්‍රදේශය නිරීක්ෂණය කළ නියෝජ්‍ය අමාත්‍යවරුන් 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහනට සමගාමීව මීගමුව ප්‍රදේශයේ වඩාත් වැදගත් ස්ථානයක් වන මීගමු කලපුව ආකර්ෂණීය ලෙස සංවර්ධනය කිරීමෙන් සංචාරක කර්මාන්තය සඳහා දායක කරගත හැක්කේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡාව ද නිරත වූහ.
ප්‍රදේශවාසීන්ගේ යෝජනා සහ අදහස් ද විමසා සිටි අමාත්‍යවරු නුදුරේදීම මීගමුව කලපුව ලස්සන පරිසරයක් බවට පත්කරන්නට කටයුතු කරන බව පැවසූහ.
අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරු මීගමුව, මුන්නක්කරය ප්‍රදේශයේ කුට්ටිකාඩුව භූමිය පිළිබඳ පැන නැඟී ඇති ගැටලුව පිළිබඳව ද සොයා බැලීමට එක්වූහ.
වැඩිහිටියන්ව සිටින තමන් කුඩා කල ක්‍රීඩා කළ එම භූමිය ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් ද ආරක්ෂා කර දෙන ලෙස ප්‍රදේශවාසීහු එහිදී අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දන්නා විදියට ඔය ක්‍රීඩාංගනයේ සෙල්ලම් කරන අය ඔක්සිජන් පාවිච්චියක් නෑ. රටක් සනසපු කන්ටේනර් එකක නගින්න ගිය ඇමැති කෙනෙක් ඉස්සරහ ඒක ප්‍රකාශ කෙරුවේ...
මෙම හොර දේශයේ ඔක්සිජන් අවශ්‍ය නොවන ජන කොට්ඨාශයක් ඉන්න බැවින් ඉතා පරිස්සමින් සංචාරය කළ යුතුය.