(පුෂ්පකුමාර මල්ලව ආරච්චි)

මීගමුව බන්ධනාගාරය තුළ මේ වන විට පවතින ගැටුම් හේතුවෙන්  අද පෙරවරු එකොළහයි තිහ වන විට රෝහල් ගත කෙරුණු පිරිස තිස්පහක් දක්වා ඉහළ ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

බන්ධනාගාර නිලධාරීන් සිව් දෙනකු හා එක් රැඳවියකු මිය ගොස් ඇති බව මේ වන විට සනාථ වී ඇත.

බන්ධනාගාර නිලධාරීන් පොලිස් නිලධාරින් මෙන්ම විශේෂ කාර්ය බළකා නිලධාරීන්ද තුවාලකරුවන් අතර වේ.

තුවාල ලබා රෝහල් ගත කෙරුණු රැදවියන් ගණන පහක් බවට රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

බන්ධනාගාරය ඇතුළත දැඩි උණුසුමක් පවතින අතර වෙඩි හඬ ඇසෙන බවද අසල්වාසීහු සඳහන් කරති.

තුවාල ලැබූ නිලධාරීන් මෙන්ම රැඳවියන් විශාල පිරිසක් බන්ධනාගාරය ඇතුළත තවමත් සිටින බවටද තොරතුරු ලැබී ඇති අතර ඔවුන් මුදා ගැනීමට ආරක්ෂක අංශ පියවර ගනිමින් සිටියි.