(විනීතා එම් ගමගේ)
මීගමු කලපුව සංවර්ධනය යැයි කියා ධීවර අමාත්‍යංශ්‍ය දියත් කරන ව්‍යාපෘතිය හේතුවෙන් කලපුව විනාශ වෙමින් පවතින බව ධීවරයෝ පවසති.
විශාල මහජන මුදලක් වැය කරමින් කලපුව සංවර්ධනය කරන බව පැවසුවත් සිදුකර ඇත්තේ කලපුව හැරීම පමණක් යැයි ද එයින් කලපුවත් එහි කඩොලාන පද්ධතියත් විනාශ වෙමින් පවතින බවත් සමස්ත ලංකා ධීවර වෘත්තිය සමිතියේ සභාපති අරුණ රොෂාන්ත මහතා ලංකාදීපයට පැවැසීය.
මීගමු කලපුවේ මෝය කට ආසන්නයේ කුඩා ගඟ ප්‍රදේශය ද කොතලාවල පාලම ආසන්න ප්‍රදේශය ද කලපුව හෑරිමෙන් මේ වනවිටත් විනාශ වෙමින් පවතින බව ඒ මහතා කීය.
ධීවර අමාත්‍යංශය සිදුකරන මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ධීවර ජනතාවට මසුන් අස්වැන්න නැති වී යන බවත් මේ විනාශය නතර කරන ලෙස ධීවර ජනතාව අමාත්‍යංශයෙන් ඉල්ලා සිටින බව ත් රොෂාන්ත මහතා කියා සිටියේය.
කරවල වාඩිවලින් එන අපද්‍රව්‍ය හා කලපුව අසල හෝටල්වලින් එන අපද්‍රව්‍ය කලපුවට එක් වීම නවතාලන්නැයි අමාත්‍යංශයෙන් කළ ඉල්ලීමට මුවාවෙමින් මෙසේ කලපුව හාරන බවත් මෙයින් තම අරමුණ ඉටු නොවන බවත් ධීවර ජනතාවගේ අදහස යැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.
මේ වනවිට කළපුවෙන් පස් ටිපර් 13000 කට ආසන්න ප්‍රමාණයක් හාරා ඉවත් කරගෙන ඇතැයි ද ඔහු කියා සිටියේය.
කලපුවෙන් හාරා ඉවත් කරන පස් විකිණීමටත් පන්සල් පල්ලි ඇතුළු දේවස්ථානවලට නොමිලේ දෙන්නටත් කටයුතු කරන බව වාර්තා වී ඇතැයි පැවසූ අරුණ රොෂාන්ත මහතා මෙයින් කලපුවේ සමතුළිත බව නැතිවී යන බවත් පෙන්වා දුන්නේය.
කලපුවේ ජෛව විවිධත්වය විනාශ කරන මෙම ව්‍යාපෘතිය වහා නවතා කලපුව රැක ගන්නට කටයුතු කරන මෙන් රජයෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය හාරන පස් තමයි අරන් ගිහින් ටිපර් එකක් රුපියල් 9000 - 13000ත් අතර ගණන්වලට මිනිස්සුන්ට විකුණන්නේ. මේ පස්වලින් රජයට සත 5ක ආදායමක් එන්නේ නැහැ. ඔක්කොම පස් ජාවාරම් කාරයොයි, දේශපාලකයොයි තමයි බෙදාගන්නේ. මේ විදියට නොමිලේ ලැබෙන පස් විකුණලා තමයි ඔය සෙට්එක ප්රකෝටිපතියන් වෙලා තියෙන්නේ...
ශ්‍රී ලාංකික ඉතිහාසයේ විශාලම පරිසර විනාශය මෙම රජය යටතේ සිදු වෙමින් පවතී .
මේක දැන් සෑහෙන කාලෙකට කලින් පටන් ගත් ව්‍යාපෘතියක්නෙ. ගොඩවෙලා තිබෙන කලපුව නොහාරා ඕක කරන්න පුලුවන්ද කියන එක නම් දන්නෙ නෑ. හැබැයි ඕකෙන් ඇයින් කරන රොන්මඩ වලින් පස් වලින් වගේ ප්‍රයෝජනයක් නම් නෑ.
මම දැක්කා තැනක සනත් නිශාන්ත මහත්තයා කියලා තියනවා කවුරු මොනවා කිව්වත් ව්‍යාපෘතිය කරනවලු. දෙව්මිනි නෝනට අරහෙම කියන්න පුලුවන් උනේ මේ ජනාධිපතිතුමා ඉන්න හින්දලු. මේ ජනාධිපති ඉන්න නිසාම තමයි නිශාන්ත මහත්තයටත් මහත්තයටත් ඔහොම කියන්න පුලුවන් උනේ. හැබැයි දෙන්නම පරෙස්සමෙන් හොඳේ.
ඇයි ඉතින් නිසි බලධාරීන්ට මෙය නොපෙනේ.?
දැක්කේ නැද්ද පහුගිය දවස්වල දේශපාලු නුගත්කම පෙන්නපු හැටි. ගැහිල්ල පිටපස්සේ ඔය දේශපාලු සෙට් එකම ඇති. පරිසරය ගැන තිබුන දැනුමයි රෙද්ද අස්සේ තිබුණු වලිගෙයි දැම්මේ එලියට. කිසිම දැනුමක් නැති ඔවැනි ඔලමොට්ටල කියමන්වලට ඇහුම්කන්දී උන්ගේ බැලමෙහෙවර කරන නිලධාරීන් හින්දා තමා කලපුවේ විනාශය පටන්ගෙන තියෙන්නේ. ලංකාවේ දේශපාලුවෝ ගෑවිච්ච තැනක් ඇතිනම් එතන විනාශයේ ආරම්භය එයයි.
කලපුවට ඔය කියන දේට වඩා හානියක් ඔතන වටේ ඉන්න මිනිස්සු දමන ජරාව දමලා ගොඩ කිරීමෙන් වෙනවා. මාළු අපද්‍රව්‍ය මිනිස් මල සහ වෙනත් කුණු. නිකමට බලන්න කලපු වතුරේ පාට සහ ගන්ධය.
ඉතින් තව ග්‍රවුන්ඩ් එකක් හදමුකෝ
කිසි වැඩක් පිළිවෙලකට නැහැ. සල්ලි යොදවන්න ඕනේ හින්දා කොමිස් ගහන්න ඕනේ හින්ද ව්‍යාපෘති කරනවා. මෙතන මේ ව්‍යාපෘති කරන්න ඉස්සෙල්ලා හරි නම් පරිසර වාර්තාවක් කැඳවන්න එපැය. හැමදාම වුනේ මේක. කරවල වාඩි වලිනුයි හෝටල් වලිනුයි අපද්‍රවය කලපුවට දානව නම් ඒ හෝටල් වහන්න ඕනේ. නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ඕනේ. කෝ අර පරිසර පොලෝසිය කියලා එකක් තියෙන්නේ මේ ස්ථාන ආරක්ෂා කරන්න. ලෝක ප්‍රසිද්ධ මීගමුව කලපුව කියන්නේ ආදරෙන් රැක ගන්න ඕනේ සම්පතක්. මෙතන තියෙන කඩොලාන බලන්නම එන සංචාරකයොත් ඉන්නවා. අනිත් අතට කොළඹ නගරයේ වාතය අපිරිසිදු වෙලා තියෙන එකම ඇති මේ කඩොලාන බිම් රැක ගන්න. කාට කියන්නද? දේශපාලකයන්ට කවදාවත් පරිසරය ගැන හැඟීමක් තිබ්බේ නැහැ. ධීවර වෘත්තීය සමිතිය හරි මේ වෙනුවෙන් කතා කරන එක ලොකු දෙයක්.