
(කේ බුද්ධික කුමාරසිරි)
මීගොඩ ප්‍රදේශයේ පැවැති රොටි දන්සැලක පෝලිමේ සිටි පිරිසකගේ කැබ් රථයක් ගැටී සිදු වූ අනතුරින් කාන්තාවන් තිදෙනකු ඇතුළු හය දෙනකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කැබ් රථයේ හිමිකරුට එරෙහිව හෝමගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර විදෙස් තහනම් නියෝගයක් ලබා ගත් බව මීගොඩ පොලිසිය පවසයි.
ඒ අනුව අදාල කැබ් රථයේ හිමිකරු සොයා පොලිස් කණ්ඩායම් තුනක් දිවා රාත්‍රී සෝදිසි මෙහෙයුම් සිදු කරන බවත් සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් මීගොඩ පොලිසියේ උසස් නිළදාරියෙක් පැවසීය.
අදාල අනතුරින් තුවාල ලබා හෝමගම මූලික රෝහලට ඇතුළත් කර සිටි කුඩා දරුවකු ඇතුලු තුවාලකරුවන් හත් දෙනාම මේ වනවිට ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇති බව හෝමගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය ප්‍රියාශා විජේනායක මහත්මිය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd