(රසාද් රුක්මල් )
බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියට හැටන් දුම්රිය ස්ථානයේදී ගොඩවීමට ගිය මගින් පිරිසක් සහ දුම්රිය මැදිරියක සිටි මගීන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් දුම්රිය ස්ථානයේ මහත් කලබලකාරී තත්ත්වයක් ඇති විය.
බදුල්ල කොළඹ රාත්‍රි තැපැල් දුම්රිය අද (18) අලුයම 12.05 ට පමණ හැටන් දුම්රිය ස්ථානයට ළඟා වූ අතර , එම දුම්රියේ මැදිරි සියල්ල ම මගීන් ගෙන් පිරී ගොස් තිබිණි.
දෙවන සහ තෙවන පංතියේ මැදිරි සියල්ල ම පාහේ ප්‍රවේශ පත් ලබා ගත් මගීන් දුම්රියේ හිට ගෙන පවා ගමන් කිරිම නිසාවෙන් දුම්රියේ මැදිරි අතුරු සිදුරු නොමැතිව මගීන්ගෙන් පිරි තිබූ බව දුම්රිය බළධාරීහු පවසති.
හැටන් දුම්රිය ස්ථානයෙන් විශාල මගීන් පිරිසක් එම දුම්රිය ට ගොඩ වීමට පොරකමින් උත්සහ කිරිමත් සමගම දුම්රියේ තෙවන පංතියේ මැදිරි වල සිරවී සිටගෙන සිටි මගීන් සමඟ මෙම ගැටුම හටගෙන ඇත.
ඒ සමගම දුම්රිය ස්ථානයේ දැඩි කලබලකාරී තත්ත්වයක් හටගත් අතර , එම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පැමිණ ගැටුම මැඩපැවැත්වීමට උත්සහ ගත්හ .
මගීන් දෙපිරිස අතර මෙම උනුසුම් කාරී තත්ත්වය පැයකට ආසන්න කාලයක් පුරා පැවති අතර , මේ නිසාවෙන් රාත්‍රි තැපැල් දුම්රිය ද හැටන් දුම්රිය ස්ථානයේ නවතා තැබීමට සිදු විය.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මගී වලියෙන් බදුලු දුම්රිය පැයක් ප්‍රමාද වේ
නාලක හෙට්ටිආරච්චි Thursday, 18 April 2024 05:40 PM
ප්‍රධාන හේතුව ප්‍රමාණවත් දුම්රිය නොමැතිකම... කාට හරි කියත හැකි මෙම දුම්රියකට අමතර මැදිරි අමුණන්න කියලා. නමුත් මේ පාරේ එක් ප්‍රායෝගික නෑ. මේ වගේ දවස්වල මගී අවශ්‍යතා ගැන සලකා අමතර දුම්රියක් හැටන් සිට කොළඹ දක්වා ධාවනය කරවීමට තීන්දුවක් ගැනීම සුදුසු දේ. ඒ ගැන සැලසුම් නොකරන දුම්රියේ GMR ඇතුළු බලධාරීන්ගේ අඩුපාඩු නිසා අපහසුතාවයට පත්වෙන්නේ බදු ගෙවන මගීන්මයි...
Maduranga Thursday, 18 April 2024 07:55 PM
දුම්රිය දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාවය හා නොසැලකිල්ල නිසා වෙච්චි දෙයක් කියලා පැහැදිලියි... මොකද කිව්වොත් බදුල්ලෙන් දුම්රිය පිටත්වීමත් සමග ඊළඟ නැවතුම් පොළවල් වෙතට ප්‍රවේශපත් නිකුත්කරන්න එපා කියලා පණිවිඩයක් දීමට කටයුතුකර දුම්රිය නොනවත්වා ධාවනය කළා නම් ඔය ප්‍රශ්න කිසිවක් නැහැනේ... කොහේද ඉතින් මොළය උඩ වාඩිවෙලා රාජකාරි කරන අයට හරියාකාරව මොළය පාවිච්චි කරන්න බැහැනේ... මොළේ කුරුවල් වෙච්චි කෙනෙක් කියාවි හැටන්වල මගීන් යන්නේ කොහොමද කියලා... ඉතින් ඒකට අමතරව දුම්රියක් ධාවනය කරන්න පුළුවන් කියලා කියන්න අවශ්‍ය නැහැ...