(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තමා ඉදිරිපත් කරමින් තිබූ 27/2 ප්‍රශ්නයේ උදුරා ගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.
රට බංකොලොත් කිරීමට ක්‍රියා කළ අය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අනුව රාජපක්ෂවරුන්ගෙන් පාඩුව අයකර ගැනීමට කටයුතු කරන්නේදැයි ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී විමසා සිටියේ ය.
එම ප්‍රශ්නය ඉදිරිපත් කරද්දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දිගින් දිගටම කෑකෝ ගසමින් විරෝධය පළ කළ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූයේ ගැලරියේ පාසල් ළමුන් ද බලා සිටින අතර ආණ්ඩු පක්ෂයේ පැටිකිරිය රටට දැනගැනීම සඳහා දිගටම එලෙස හැසිරෙන ලෙසයි .
එම අවස්ථාවේ අදාල සිදුවීම විඩියෝ ගත නොකරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විපක්ෂ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ගෙන් ඉල්ලීමක්ද කළේය.
විපක්ෂ නායකවරයා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය නොතකමින් තම ප්‍රශ්නය ඉදිරිපත් කළ අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අසුන් වලින් නැගිට විපක්ෂ විපක්ෂනායකවරයා අසලට අසලට පැමිණියහ.
මේ අවස්ථාවේදී වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඇතුළු වේත්‍රධාරීන් විපක්ෂනායකවරයා අසලට පැමිණ ඔහු ආරක්ෂා කරන අයුරු දැකගත හැකි විය.
අනතුරුව සභාව විනාඩි පහකට කල් තබන බව කතානායකවරයා නිවේදනය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලාංකිකයෙකු ලෙස එය තීරණය කළ යුතුය. ඔවුන්ගේ මංකොල්ලකෑම් නිසා අපි හැමෝම මේ අර්බුදකාරී තත්ත්වයට පත් වුණා. රාජපක්ෂගේ පාර්ලිමේන්තු ආධාරකරුවන්ට ප්‍රශ්න නැත, ඔවුන්ද මෙම ප්‍රශ්නයේ හවුල්කරුවන් වේ.
යන එන මං නැතිව ඉන්න සජිත්ගේ ට්‍රයි කරන්නේ එක කුරුල්ලන් දෙන්නෙක් එක ගලෙන් බිම දාගන්නයි, එකක් තමන් මැදිහත්වෙලා දූෂිතයන්ට දඬුවම් කල බව පෙන්වා රටට වීරයෙක් වෙන්න. අනිත් පැත්තෙන් රාජපක්ෂලගෙ කරපිටින් තියලා සියලුම පවු සමා කරගන්න. මහ බැංකු වංචාව කල එවුන් ඩොලර් බිලියන 12.5ක් ගිණි පොලියට ණය අරගෙන ජොලිකරලා රට ණය කල, තවක්කාල් වලින් ගහපු එවුන්ගේ හොරකම් වංචා දූෂණ සියල්ල යට ගහලා චැප්ටර් එක ක්ලෝස් කරන්න පුළුවන්ද බලන්න.
පොහොටුවෝ කියන්නේ කොච්චර රාජපක්ෂ ගැත්තෝද කියලා පේනවනේ නේද ?රාජපක්ෂලා මුන්ට ඕන තරම් හොරකම් කරන්න ,වැරදි වැඩ කරලා බේරෙන්න ඉඩ දුන්නා .දැන් මේ මෝඩ පොහොට්ටුවෝ ටික කටු කාපු බල්ලෝ වගේ .
රට 2014 දී තුම්සේලාට බාර දෙනකොට මත්තල ගුවන් තොටුපල වී ගබඩාවක් කරන්න තරම් රටේ වී තිබුණ. රටේ ආර්ථික වර්ධනය 6.5% කියලා ජෙප්පොම කියනවා. යහපාලකයෝ ණය අරගෙන කාර් ගෙන්නපු හැටි අපි දැක්ක. ෆීල්ඩ් මාර්ෂල් ගේ කොන්දේ අමාරුවට තවත් කෙනෙකුගේ අර්සස් අමාරුවට වාහන තෝරපු හැටි අපි දැක්ක. තමුන්ගේ තාත්තා ප්‍රභාකරන්ට යුද්දආයුද සල්ලි දීපු හැටි අපි මතක් කරන්න ඕනෙද? රට කෑවේ තුම්සේලයි පාහර ජෙප්පොයි.