
(සුජිත් හේවාජුලිගේ)
තමාට ජීවිත තර්ජනයක් ඇති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමේ අවශ්‍යතාවක් නැතැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.
ඒ අනුව එම දෙපාර්තමේන්තුව හර්ෂද සිල්වා මහතාගේ එම ඉල්ලීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දන්වා ඇත.
හර්ෂද සිල්වා මහතා තමාට ජීවිත තර්ජනයක් ඇති බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළේය. මේ අනුව එම ජීවිත තර්ජනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම්දී තිබිණ. පරීක්ෂණයක් අවශ්‍ය නැති බව ඔහු දැනුම් දී ඇත්තේ ඒ අවස්ථාවේදීය.
පරීක්ෂණයක් ආරම්භ කිරීම ගැන මහජන ආරක්ෂක අමාත්‍යවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ස්තූතිය ස්තුතිය පුද කරන බවත් තමාගේ ප්‍රකාශය පාර්ලිමේන්තු වරප්‍රසාද අනුව පාර්ලිමේන්තුවේදී කළ එකක් බවත් මන්ත්‍රීවරයා දැනුම්දී ඇත
තමා සම්බන්ධයෙන් දැනට එවැනි විමර්ශනයක් අවශ්‍ය නොවන බවත් එසේ අවශ්‍ය වන්නේ නම් නැවත දැනුම් දීමට කටයුතු කරන බවත් හර්ෂද සිල්වා මහතා වැඩිදුරටත් පවසා ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.
හර්ෂද සිල්වා මහතා පසුගිය 7 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් පැවසුවේ තමා පාරේ මරා දැමුවොත් මෙම ගනුදෙනුව පිටුපස සිටින අය එහි වගකීම බාරගත යුතු බවයි.
" මේගොල්ලන් මට කියන්නෙ මොකක්ද. දුෂණ වහන්නද කියන්නේ. මෙහෙම තර්ජන කරන්න පුළුවන්ද" යනුවෙන්ද ඔහු එහිදී සඳහන් කළේය.
හර්ෂද සිල්වා මහතාට ජීවිත තර්ජන එල්ල වී ඇති හෙයින් ඒ ගැන විමර්ශන කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් යන මහත්වරුද කතානායකවරයාගෙන් එහිදී ඉල්ලා සිටියහ.
හර්ෂද සිල්වා මහතාට" තමුසේ මේවා හොයන්න එපා" යනුවෙන් තර්ජනය කර ඇති හෙයින් ඔහුගේ ආරක්ෂාව වැඩි කරන්නැයි තමා කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බව මුජීබර් රහුමන් මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හර්ෂද සිල්වාගේ මන්ට්‍රිවරයාගේ ප්‍රකාශය පාර්ලිමේන්තු වරප්‍රසාද අනුව පාර්ලිමේන්තුවේදී කළ එකක් බවත් මන්ත්‍රීවරයා දැනුම්දී ඇත. පාර්ලිමේන්තු "වරප්‍රසාද වලට මුවාවී" පක්ෂ විපක්ෂ මැති ඇමති අති බහුතරයක් බොරු කියන බව රටේ පුරවැසියන් දනී. හර්ෂද සිල්වා ඒ බව ප්‍රසිද්දියේ පිළිගෙන ඇත
මොවුන් ඔක්කෝම ජනතාව පිනවන නාට්‍යෙය් කොටස්කරුවෝ... සහාය නළු නිළියෝ.
සියලු වරප්‍රසාද වලින් විකාර කරනවා...!
මොකද රනිල් කිව්වද අපේ පැත්තට එන්න ඉන්න නිසා බයවෙන්න එපා කියලා? මොනවද මේ විහිළු? පාර්ලිමේන්තුවේදී හොටු පෙරාගෙන පපුවට ගහගෙන මග මරාගන්න ඉන්න ගානට දොඩවලා දැන් මේ කියන කතා? මෙහෙම ආර්ථික කමිටු සාමාජිකයින් එක්කද වාද කරන්න කියන්නේ..? ඔන්න බලාගන්න සජිත්ගේ ආර්ථික කමිටුවේ අයගේ හැටි. සජිත් එයා ප්‍රවේශම් කරගන්න ළඟදීම එයා ඔයා දාලා යනවා.
මල්ලි මේක තමයි කියන්නේ ඔය එක එක කාලෙට නිකම් අඬ අඬා එක එක කතා කිව්වාට අන්තිමට මේ දෙගොල්ලෝ ඔක්කොම එකට එකතුවෙලා තමයි ගහන්නේ කියලා. නැත්නම් ඉතින් පරීක්ෂණයක් තියලා තක්කඩි ටික අල්ලන්න එපාද? අපි හැමදාම රැවටෙනවා.
පරීක්ෂණ ඕනේ නැතිනම් මොන මගුලකටද පැමිණිලි කලේ? මෙතනින් ලැබ ප්‍රසිද්ධියක් ගන්නයි මෙය හදන්නේ ..කයිය මිසක වැඩ නැති තවත් වැටකොළු පතෝල දේශපාලකයෙක් තමයි මෙයත් . ඉන්දියාවෙන් රනිල් මහතාට ලබාදුන් සුවසැරිය වැඩසටහන කළමනාකරණය කිරීමට රනිල් මහතා මොහුව පත්කලා නමුත් අනිතිමට මොහු කයිවාරු ගැසුවේ එම වැඩසටහන ඔහුගේ සංකල්පයක් ලෙසයි . මෙයත් දැන් මිනිසුන් අතරේ පිළිකුල් චරිතයක් පමණයි .
මෙච්චර කාලෙකට විහිළු සැපයුවේ නායකතුමා විතරයි. දැන් ඔයත් !!!!!
ඒ කියන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා බොරු කිව්වා කියන එක නේද?
පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙලා මෙයා කරන අනෙක් ප්‍රකාශවලත් තත්වය ඔය.
එහෙනම් මොන මගුලක්ද කිව්වේ. මුන් ඔක්කොම එකයි. කාලය කන්න හොදයි. කාලකන්නි.
රට ගිනි තියන සජිත්ගේ ආර්ථික කමිටු ලොක්කා. හිරිකිතයි.
කවුද අනේ හිතුවේ කිව්ව ගමන් සී.අයි.ඩී. එකෙන් එයි කියලා, මට මේ දවස්වල ඇඩෙන්න රිදිලා තියෙන්නේ, එක පැත්තකින් නාලක කියනවා මගේ බ්ලු ප්‍රින්ට් එක නොවෙයිලු පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති කියලා, අනිත් පැත්තෙන් රංජිත් කියනවා ආණ්ඩුවෙන් සල්ලී ගත්ත එක වැරදියි එ ගැන හොයන්න ඕනා කියලා, තවත් පැත්තකින් නලින්ද කියනවා හර්ෂ එක්ක විවාද කරලා වැඩක් නැහැ තව කොච්චර කාලයක් හර්ෂ ස.ජ.බේ. ඉන්නවාද ෂුවර් නැහැ කියලා මෙහෙන් පොහොට්ටුවෝ මාව මරන්කන්න හදනවා වීසා කේස් එක අල්ලාගෙන. ඉතිං මම මගේ දුක චොකා නායකයට හැර වෙන කාට කියන්නද ?
එහෙනම් පට්ට බොරුවක් කරලා අනුකම්පා ගන්න හදන්ඩ ඇති
"පාර්ලිමේන්තු වරප්‍රසාද අනුව පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් " ?????? නිසා විමර්ශන අවශ්‍ය නැත..??? යකෝ මුන් ඒ වරප්‍රසාද උඩ මොන තරම් කෙබර ගහනවා ඇතිද?
හෙට අනිද්දට රනිල් ළඟට පනින්න ඉන්න තමුන්ට කාගෙන් ජීවිත තර්ජන එන්නද?
මේකත් පොඩි සංදර්ශනයක් වගේ
එහෙම නම් මෙයා කලේ රඟපෑමක්ද? දැන් මෙයාට තිබිච්ච කීර්තිනාමයත් නැතිවී ගෙන යනවා. මෙයා කිසිම පදනමක් නැතුව අනවශ්‍ය විදියට මාලිමාව විවේචන කරනවා. සාධාරණ පදනම් සහිතව විවේචන කළා නම් කමක් නැහැ. ළඟදී මෙයා කියා තිබුණා කවුරු බලයට අවොත් දූෂණ, වංචා, හොරකම් නැති කරන්න බැරිලු.
පාඨලී වගේ මෙයත් පච වෙන්න ළඟයි. අපි මේ දෙන්නාටම රැවටුන එක ගැන දුකයි..
මොවුන්ට ඔස්කාර් සම්මානේ දීලත් මදි...