(මහින්ද නිශ්ශංක)
මුඛ ආවරණ වැඩි මිලට අලෙවි කළ වෙළඳුන් පස් දෙනෙකුට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට පාරිභෝගික සේවා අධිකාරිය අද (29) පියවර ගත්තේය.
කොළඹ , මහනුවර සහ මාතර ප්‍රදේශවල වෙළඳුන් පස් දෙනෙකුට මෙසේ නඩු පැවරිණි.
කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ මුඛ ආවරණ සඳහා ඉල්ලුම ඉහළ යාමෙන් පසු වෙළඳුන් මුඛ ආවරණ වැඩි මිලට අලෙවි කරන බවට ලැබුණු මහජන පැමිණිලි මත ඊයේ සහ අද අධිකාරිය මෙම වැටලීම් සිදුකර තිබේ.
මෙම වැටලීම් වලදී රුපියල් 10.00 ට සහ රුපියල් 20.00 ට අලෙවි වන මුඛ ආවරණ රුපියල් 40.00 සහ රුපියල් 50.00 වශයෙන් වැඩි මිලට අලෙවි කර ඇති බව පරීක්ෂණ වලදී හෙළි වී ඇතැයි අධිකාරිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළදුටුකළ වල ඉහ ගන්නා මේ පාදඩයින්ට කොරෝනාව බලෙන් දියයුතුයි.
ලංකාවේ මිනිස්සු පාරවල් පුරා මේ මුඛ ආවරණ පළඳින්නේ මොකටද කියලා මට නම් තේරෙන්නේ නැහැ. මුඛ ආවරණ අවශ්‍ය වෙන්නේ චීනෙට. ඒ මොකද කිව්වා නම් බොහෝ රෝගීන් සංඛ්‍යාවක් ඉන්න නිසාත් පැතිරයාම වේගත් නිසාත්... ඒ හැරුණාම අපේ ගුවන් තොටුපළේ, nCoV ලෙඩ්ඩු බාරගන්න රෝහල්වල සහ හෝටල්වල කාර්යමණ්ඩලවලට මුඛ ආවරණ ඕනේ වෙනවා. අනිත් අයට ඕනේ නෑ. මුලින් බොහෝ පිරිස් මියගිහින් තියෙන්නේ ප්‍රතිකාර නැති නිසා. දැන් අපේ රෝහල්වල ඩෙංගු හැදිලා කොච්චර ලෙඩ්ඩු ඉස්පිරිතාලෙම මැරුණද? ඩෙංගුවලින් හරි නම් මිනිස්සු මැරෙන්න බැහැ. මැරෙන්නේ හරියට ප්‍රතිකාර නැති නිසා... ඩෙංගු හොඳ කරන්න බැහැ... මැරෙනවා කියලා බොරු මතයක් තියෙන හින්දා රෝහල්වලත් හරි සාත්තුවක් කරන්නේ නැහැ. මේකත් ඒ වගේ. මේ තියෙන්නේ වෛරස් උණක්. නම newCoV. මේ වෛරස් එක අලුත් නිසාත් චීන ජාතිකයන් ලෝකය පුරාම පැතිරිලා ඉන්න නිසාත් ලෝකයම බයවෙලා. මේ දවස්වල චීන අලුත් අවුරුද්ද වෙනුවෙන් ලෝකයේ විවිධ රටවල හිටපු චීන ජාතිකයන් චීනෙට ඇවිල්ලා ඉන්නවා. දැන් ඔවුන්ට නැවත යනකොට ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්... පහුගිය කාලේ ඇමරිකාව චීනෙට විරුද්ධ ලොකු වැඩ පිළිවෙලක් ගෙනිච්චා. මේක එක්ක ලෝක දේශපාලනය කැරකෙන අත බලන්න ඕනේ...
දඩ ගැහුවට වඩා හොඳයි වෙළඳසල්වල නම් ටික ප්‍රසිද්ධ කළා නම්... මිනිස්සුන්ට කූට වෙළෙන්ඳන් හඳුනාගන්න තිබ්බා...