
(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල)
රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 650 ක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
මෙක්සිකෝවේ සිට මාතර ප්‍රදේශයේ පුද්ගලයෙකුට එවූ සැකකටයුතු කුරියර් පාර්සලයක් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් කළ විශේෂ පරීක්‍ෂාවේදී ඉතා සූක්ෂම ලෙස බෑගයක් තුළ සගවා තිබූ මෙම මත්ද්‍රව්‍ය ග්‍රෑම් 650 සොයාගත් බවත් එම පාර්සලය රැගෙන යාමට පැමිණි සැකකරු ද අත්අඩංගුවට ගැනීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්ට හැකිවූ බවත් රේගුව කීය.
මෙම මත්ද්‍රව්‍යවල වීදි වටිනාකම මිලියන 13 ක් පමණ වන බවට තක්සේරු කළ අතර මෑත ඉතිහාසයේ මෙක්සිකෝවේ සිට යොමුකර තිබියදී අත්අඩංගුවට ගන්නා ලද පළමු අයිස් මත්ද්‍රව්‍ය තොගය මෙය බවත් මෙම වැටලීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ නිලධාරීන් ද සහයෝගය දැක්වූ බවත් රේගු දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා අල්ලන්න දක්‍ෂයි.. ඉන්පසු වාෂ්ප වෙන්නන්ට පක්‍ෂයි. ගන්න එවුන් යක්‍ෂයි.!
මත්ද්‍රව්‍ය අල්ලගත් වහාම රාජපක්ෂලා ලවා තහවුරු කරගෙන එදිනම විනාශ කිරීමට ක්‍රමයක් සෑදිය යුතුවේ. නැතිනම් ඒවා නැවත රට තුළටම ඒම වැළැක්විය නොහැක...
මේ අල්ලන අයිස් එදාම රාජපක්ෂ ලවා පරීක්ෂා කරගෙන එදාම විනාශ කරන්නේ නැත්තේ මොකද? ආරංචි හැටියට පොලිසියේ ඇතුලෙනුත් උසාවිය ඇතුලෙනුත් මේවා එළියට එනවා. පොලිසියේ ඉන්න ඇතැම් නිලධාරීන්ගේ ගෙවල්, වත්කම් දැක්කාම සැකයකුත් හිතෙනවා. මිනිස්සුන්ට/දරුවන්ට වහවලට ඇබ්බැහි කරලා හම්බ කරන අයට හෙන ගහන්න ඕනේ...