
(සුජිත් හේවාජුලිගේ )
ආයතනවල යම් යම් පත් කිරීම් සහ මාරු කිරීම් කරන්නේ නම් ඊට ප්‍රථම විමසීමක් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු ආයතන ප්‍රධානීන්ට නැවතත් දැනුම්දී ඇත.
මැතිවරණ කාලසීමාවේදී යම් යම් පත් කිරීම් කර ඇති බවට තොරතුරු අනාවරණයවීමෙන් පසු කොමිසම මෙම දැනුම් දීම කර ඇතැයි දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මැතිවරණ කටයුතුවලට බාධා වන ආකාරයේ පත් කිරීම් කිරීම සහ මාරු කිරීම් කිරීම නීති විරෝධී බවයි.
එසේ කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කළේය.
ආයතනයක සභාපතිවරයකු හෝ ප්‍රධානියකු පත් කිරීමට අවශ්‍ය නම් ඊට කිසිම බාධාවක් නැති නමුත් ඒ ගැන කොමිසමට කල් තියා දැනුම් දි අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවද ඔහු සඳහන් කළේය.
මැතිවරණයට පොදුවේ බලපාන පත් කිරීම් සහ මාරු කිරීම් හැර වෙනත් පත් කිරීම් මාරු කිරීම් සඳහා කොමිසමේ අවසරය අැතැයි සඳහන්වේ.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැකෝගෙන් රජයේ ලොක්කන්ට රතු එළියක්