
(නිමල් ජයරත්න)
පොළොන්නරුව මාදුරුඔය මහ වනාන්තරයකින් මුක්කුරු වාසීන්ගේ යැයි සැළකෙන සොහොන් දෙසීයකින් යුත් ඉපැරණි සුසානභූමියක් පළාතේ ගොවීන් කිහිපදෙනකුට හමුවී ඇතැයි කියති.
නැගෙනහිර කලාපයේ තොප්පිගල,මාදුරුඔය වැලිකන්දට මායිම්ව ඇති මිරන්ඩු වැවට යාබදව හමු වී ඇති මෙම සොහොන් 200 පරීක්ෂා කිරීම සදහා දිඹුලාගල ආරණ සේනාසනයේ බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරි දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් ප්‍රමුඛ ගොවීන් කිහිප දෙනකුද එහි ගියහ.
එම සොහොන් ආශ්‍රිතව තිබි ඉපැරණි චෛත්‍යක නටඹුන්ද හමු වූ බවත් ඒවා නිධන් හොරුන්ගේ ග්‍රහණයට හසුව ඇති බවත් එහිදී අනාවරණය විය. එමෙන්ම වළං කටු මුට්ටි රැසක්ද හමුව තිබේ.
සෑම සොහනක් මැදම මැටි මුට්ටියක් වළදමා ඇතැයිද අඩි දෙකක් පළල දෙකහමාරක් තුනක් දිග ලැලි වලින් වටකර ඇති මෙම සොහොන් පිළිබඳව සොයා බලා සංරක්ෂණය කිරිමට පියවර ගන්නැයිද රාහුල හිමියෝ එහිදී බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.
මෙය අක්කර හතරක පමණ බිම් ප්‍රමාණයක පිහිටා තිබේ. මෙම සොහොන් පොළොන්නරුව යුගයේ රජකළ විජය රජු විසින් ඉන්දියාවෙන් මෙරටට මැණික් ගැරිම සදහා කැදවාගෙන ආ මුක්කුරු ජනතාවගේ සොහොන් විය හැකි බව විශ්වාසයක් ඇතැයි රාහුල හිමියෝ සඳහන් කළහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කට්ටියම මුඛ ආවරණ දමලා නෑ. සංචරණ සීමා අතරේ කොහොමද ගියේ?
’මුක්කුරු වාසීන්ගේ’’ ඇළහැර ප්‍රාදේශයේ හිටිය ද