(එස්.ඒ.වයි. ද සිල්වා)
බළපිටිය රේවත ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ බලු මැක්කන් ව්‍යාප්තවීමත් සමග අද සහ හෙට දෙදින වසා දැමීමට තීරණය කර ඇතැයි විදුහල් බලධාරීහු පවසති.
බලු මැක්කෝ සහ ඇසට නොපෙනෙන තරම් කුඩා වැලි මැක්කන් විශේෂයක් පාසල් භූමිය පුරා ව්‍යාප්තවීම නිසා මෙම තීරණය ගෙන ඇත.
මීට පෙර අවස්ථා කීපයකදීම මහජන සෞඛ්‍ය අංශයට දැනුම් දී අවශ්‍ය බෙහෙත් වර්ග යොදා මර්දනය කර ඇත. අයාලේ යන බල්ලෝ නිසයි මෙම ගැටළුව ඇති තිබේ
මේ පිළිබඳව බළපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සංජීව ද සිල්වා මහතාගෙන් විමසූ විට මෙසේ කීය.
පාසල වසා දැමීමට අපේ අනුමැතියක් දීල නැහැ. මීට පෙර බලු මැක්කන්ගේ ප්‍රශ්නයක් තිබුණා. අපි ඒකට බෙහෙත් වර්ග යොදල මැක්කන් මර්දනය කරන්න පියවර ගත්තා. බලු පැටව් වදපු බැල්ලියක් ඉන්නවා. ඒ සතුන් පාසලෙන් එළවන තුරු මේ මැක්කන් මර්දනය කරන්න බැහැ. මැක්කන් මර්දනය කරන්න අපට කරන්න පුළුවන් දේ කළා යැයිද කීය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මැක්කෝ නිසා රේවතය වහයි
ravin Monday, 28 August 2023 12:51 PM
අපොයි ඕක ලොකු වැඩක් නෙවෙයි. පොදුවේ භාවිතා කරන බොහොම ලාබෙට තියෙන රසායන සංඝටකයක් භාවිතයෙන් බල්ලන් හා මැක්කන් යන දෙකම පාලනය කළ හැකිය. රසායනික ද්‍රව්‍යයක් නිසා මෙහි ඵලකිරීමට නොහැක. පළාතේ පශු වෛද්‍ය නිලධාරී තුමාට දැනුම් දෙන්න.