(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
තෝප්පුව පාලමෙන් මාඔයට පැන්න 17හැවිරිදි සිසුවාගේ සිරුර අද දහවල් 2 ට පමණ සොයාගත් බව මීගමුව කොච්චිකඩේ පොලිසිය පවසයි.
මාඔයට පැන දින තුනකට පසුවය ඔය පතුලේ තිබූ සිරුර ප්‍රදේශවාසීහු පිරිසක් සොයා ගනු ලැබූහ
ජංගම දුරකථනය වෙනුවෙන් මාසිකව ගෙවිය යුතු රුපියල් 10,000 ක මුදල ද රැගෙන නිවසින් පිට වී ගිය බව එම සිසුවාගේ මව පවසන බව කොච්චිකඩේ පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
නිවසින් පිටව ගිය ඔහු තෝප්පුව පාලම මතින් මා ඔයට මාඔයට පැන ඇතැයි පොලීසිය සඳහන් කරයි.
සිසුවා පාලම මත සිට මාඔයට පනින අන්දම ඒ අසල සිටි අයකු දැක දැක ඒ බව පොලිසියට දැනුම් දී තිබිණි.
මෙම සිසුවා මඩම්පැල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා? මොනවා හරි ප්‍රශ්නයක් නිසා ජීවිතේ නැතිකරගත්තාවත්ද? මේ විදිහට ප්‍රශ්න විසඳන්න ගියොත් ඉතින් ලෝක ජනගහනයෙන් භාගයක්ම පරලොව ගිහිල්ලා... ප්‍රශ්න එහෙමම ගොඩගැහිලා තියේවි...