(ඉන්දිකා රාමනායක)
2018 වසර තුළ දිවයින පුරා පොලිස් කොට්ඨාස මට්ටමින් කළ නීතී විරෝධි ගිනි අවි වැටලීම් වලින් ගිනි අවි 1064 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය කියයි.
මෙම ගිනි අවි සමග සැකකරුවන් 865 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම ගිනි අවි අතර ටී 56 ගිනි අවි191 ක්, පිස්තෝල 30 ක්, ඒ කේ 47 ගිනි අවි 1 ක්, රිපිටර් ගිනි 6 ක්, බෝර 12 ගිනි අවි 55 ක්, ගල්කටස් ගිනි අවි 34 ක්, රිවෝල් 3.8 වර්ගයේ පිස්තෝල 22 ක්, බදින තුවක්කු 632 ක්, වෙනත් ගිනි අවි 93 ක් වන බව රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
2018.1.1 දින සිට 2018.11.30 දින දක්වා මෙම ගිනි වැටලීම් සිදුකර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා.. කොහොම වුනත්.. පොලීසිය නම් තමන්ගේ රාජකාරී කටයුතු කරමින්, කැපීපෙනෙන බව සහතිකවම දකින්න තියනවා..