(අංජුල මහික වීරරත්න)

ඡන්දය තියන්න එපා යැයි එක්සත් ජාතික පක්ෂය කිසිවිටෙක  කියන්නේ නැතැයි හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.

නමුත් ජනාධිපතිවරයා ගේ පළමු යුතුකම ජනතාවගේ බඩගින්න නිවීම බව කී දිසානායක මහතා රට ස්ථාවර කිරීම සඳහා ජනාධිපතිවරයාට තව මාස හයක්වත්  දිය යුතු යැයිද ඊට පසුව ඕනෑම මැතිවරණයකට යා හැකි යැයිද කීය.

අද තියෙන්නේ රනිල් වික්‍රමසිංහ තම දේශපාලන පන්නරයෙන් තනියම ගහන ගේම් එකක් යැයිද ප්‍රශ්න ගොඩක් තිබුනත් මාස 6කට පෙර තිබූ තත්ත්වයට වඩා රට හොඳ තැනකට පැමිණ තිබෙන බව නවීන් දිසානායක මහතා පැවසීය.

මේ වන විට විදේශ සංචිත ඩොලර් බිලියන 2කට පැමිණ තිබෙන අතර රනිල් වික්‍රමසිංහ රට බාරගන්නා විට විදේශ සංචිත තිබුණේ ඍණ  මට්ටමක බවද පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී නවීන් දිසානායක මහතා සඳහන් කළේය.