
(අංජුල මහික වීරරත්න)
සමාජ මාධ්‍යයේ භාවිත වන ඇතැම් ප්‍රකාශ දෙස බලන විට සංස්කෘතික මිනිසකුගේ අවශ්‍යතාව මැනවින් පැහැදිලි වෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
රටේ අනාගත බලාපොරොත්තුව වන පාසල් සිසුන්ගේ දක්ෂතා අනුව ඔවුන්ට අවශ්‍ය ඉදිරි ගමන් මඟ සකස් කර දීම රජයේ වගකීමක් බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.
ගම්පහ නගර සභා ශ්‍රවණාගාරයේ පැවැති 'ගම්පහ සාහිත්‍ය උළෙල' (GAMLIT 26) හි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.
සමාජ මාධ්‍ය භාවිතය තුළදී කුඩා දරුවකු, අසරණ වූවකු හෝ කාන්තාවක ඉලක්ක කරගනිමින් සිදුවන ඇතැම් ප්‍රකාශ දෙස බලන විට සංස්කෘතික මිනිසකුගේ අවශ්‍යතාව තදින් දැනෙන බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.
සංස්කෘතික මිනිසා යනු පොතපතේ දැනුම පමණක් ඇති හෝ කටපාඩමින් යමක් ඉදිරිපත් කරන අයකු නොවන බවත්, සාහිත්‍ය නිර්මාණ තුළින් තම අභ්‍යන්තරය පරිවර්තනීය වෙනසකට ලක් කරගනිමින් මානුෂීය සංවේදීබව සමාජයට මුදාහරින තැනැත්තකු බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd