
(නිමල කොඩිතුවක්කු)
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට රටක් පාලනය කිරීමේ හැකියාවක් නොමැති බව පෙන්වා දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
මැතිවරණයේදී කියු ආකාරයට අත්‍යාවශ්‍ය ආහාරවල මිල පාලනය කිරීමට නොහැකි වී ඇති බවත් පොල් ගෙඩිය පවා ගන්න පෝලිම් යුගයට යාමට සිදුව ඇති බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
රටේ ජනතාවගේ ආදායම අඩුව බඩු මිල ඉහළ යාම නිසා දුදරුවන්ට අවශ්‍ය ආහාර දිය නොහැකි පවුල් ලක්ෂ ගණනින් ඇති බවත් දෙහිවල පැවැති ජන හමුවක් අමතමින් ඔහු පැවසීය.
මන්දපෝෂණය වර්ධනය වී මව්වරුන්ගේ දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න භාවය අඩුව ඇති බවත් රජයට ජනතාව ජීවත් කරවන්න විසදුම් නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා කීවේය.
රටේ විදේශ ණය 2028 සිට ගෙවිය යුතු බවත් ඒ සදහා අවශ්‍ය ඩොලර් සංචිත ගොඩනැගීම සඳහා ඩොලර් ලබා ගන්නා ක්‍රමවේද වේගවත් විය යුතු බවත් ඔහු සඳහන් කළේය.
2028 දී ද ඩොලර් නොමැතිව ණය ගෙවන්න බැරි වුවහොත් නැවත වරක් බංකොලොත් වන බවත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඉදිරි වසර හතර තුළ රටේ ආර්ථිකය වේගයෙන් ඉදිරියට යා යුතු බවත් මන්දගාමී ආර්ථිකයක් තුළ ණය ගෙවිය නොහැකි බවත් මෙවැනි තත්ත්වයක් තුළ ජනතාව ජීවත් කළ හැක්කේ සමගි ජන බලවේග රජයකට පමණක් බවත් ඔහු සඳහන් කළේය.
ඉදිරි මහමැතිවරණයේදී මේ තත්වය පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන්නැයි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සැවොම එකට එකතු වී ජීවත් වන්නට පුලුවන් මූලික අවශ්‍යතාව සපුරා ගත හැක්කේ කුසගින්නෙන් බඩගින්නෙන් තොර රටක් නිර්මාණය කිරීමෙන් බවත් ඒ සඳහා සමගි ජන බලවේග රජයකට ශක්තිය ලබා දෙන ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලය නැතත් වැඩ කරනවා නම් දැනුත් සුහුරු වැඩ කරන්න පුළුවන් නේ. ජනාධිපති මැතිවරණයට පස්සේ මොකද නැවැත්තුවේ. දැන් විපක්ෂයට යනවා කියන එක වෙනස් වෙන් ඕන නම් අර දින 100 වගේ පැය කීයකින් ඔය වැඩ කරනවා කියලා සතියක් දෙන්න. තවමත් වෙලාව තියෙනවා.
පොඩ්ඩක් ඉදින් බන් තාව මාස තුනක් වත්.
අනේ සජිත් මහත්තයෝ ඔය මොනවට අනුර කුමාරට වැරදි කිව්වත් මන්ද පෝෂණයට ඒ මනුස්සයා මොකක් කරන්නද? මන්ද පෝෂණය කියන්නේ අදින් හෙටට බෝවෙන ලෙඩක් නොවේ කියලා දන්නේ නැතිවද තාම ඡන්දයක් දිනලා සුමාන 5ක් වත් නැති කෙනෙක්ට ඒ වරද පටවන්නේ. පහුගිය සුමාන පහට අනාගත්ත දේවල් තියනවා ඒත් ඔබතුමාහටත් සුමාන පහෙන් මොනවද කරන්න පුළුවන්. අපි නම් ඔබටවත් ඔහුටවත් ඡන්දය දෙන්නේ නැතිවෙයි. මොකද අපි තාමත් මහින්ද රාජපක්ෂ මහතාට ගරු කරන නිසා. හැබැයි සුමාන පහක් ආණ්ඩු කරන කෙනෙක්ට මාස ගාණක් අවුරුදු ගාණක් තිස්සේ ඇතිවන හේතු නිසා හැදෙන මන්දපෝෂණයට බනින්න තරම් අපේ අපේක්ෂකයා මන්ද බුද්ධික නෑ.
පක්ෂය ඇතුලේ අවුල් විසඳගන්න බැරිකොට කොහොමද රටේ ප්‍රශ්න විසඳන්නේ ?
කාලාන්තරයක් තිස්සේ රට කාලා තියන තරමට ශක්‍රයා ආවත් ඉක්මන් විසඳුමක් දෙන්න බෑ. ඔයාට නම් කොහොමවත් බෑ. තියන එකාගෙන් අරගෙන නැති එකාට බෙදලා රටක් ගොඩ ගන්න බෑ කියලා ඔයාටත් තේරෙයි. පොල් හිඟයක් හැම අවුරුද්දෙම මේ කාලෙට එනවා, මේක නැවත දෙසැම්බර් වෙනකොට හරි යනවා. පරණ දත්ත අරගෙන බලන්න.
මූ වගේ හරකෙක්. ඔහේ හිතුවද ආණ්ඩුවක් පිහිටුවන්නත් කලින් රටේ ප්‍රශ්න විසදන්න පුළුවන් කියලා.
ගොං කතා කියන එක තවම නතර කරලා නැහැ . ඇල්පිටිය බැලුවම තේරෙනවා තමුන්ට ලැබුණු ඡන්ද ප්‍රතිශතය ජනාධිපතිවරණයට වඩා අඩු කියලා . අන්න ඒව බලපන් පුතා. මේ වනතුරු අනුර ආණ්ඩුව කරපු ටික ඇති. ඕන එකෙක් දන්නවා දෙසැම්බර් වෙනකොට පොල් හිගයි. මිල වැඩි වෙනවා කියලා . මැනලා කිරලා පොල් විකුණන ක්‍රමය මතකද? මේ හිඟය නැති කරන්න අවුරුදු 5වත් දීර්ඝ කාලින වැඩපිළිවෙළක් ඕන. හිටපල්ලකො මොකද වෙන්නේ කියලා බලන්.
තමන්ගේ පක්ෂයේ පාලනය හරියට කරලා පෙන්වන්නකෝ. වදලා මාසෙක දරුවෙකුගෙන් ලොකු ලොකු දේවල් කරවගන්න කලින්.
ඔයයි පලතුරු සීයයි එකතුවෙලා යහපාලනය කාලේ කොරපුවගේ ප්‍රතිඵල තමයි ඔය කියවන්නේ.
ඉවසන්න පුතානෝ මෙයාලාටත් තව අවුරුදු පහක් බලය දීලා බලමු එකත් හරි ගියේ නැත්නම් ඔයාගේ ඔය ගොන් කතා ටික හදාගත්තොත් අපි ඔයාටත් පොඩි අවස්ථාවක් දෙන්නම්
පාර්ලිමේන්තු ඡන්දෙන් මාලිමාවට ආසන 2/3කට වඩා ලැබෙනවා නියතයි. මේ වගේ පක්ෂයකට බලය දෙන්න මිනිස්සු මෝඩ නැහැ. මාලිමාවට ජයවේවා !!! AKD ජනාධිපති තුමාට ජයවේවා !!!
තමුන්ට පක්ෂය වත් හරියට හදාගන්න බැරිව කියන මෝඩ කතා...
මාස 3ක් පමණයි ගියේ. මේ අයගේ දැනුම බලන්න පුළුවන්...
මේ කාලෙට පොල් ගණන් යන බව ඕනෑ කෙනෙක් දන්නවා. අනුර පෝලිමෙන් හරි පොල් කීයක් හරි අඩුකරලා දෙනවා. තමුන් මොකද කරන්නේ..!
දැන් ඔය ඔක්කෝම වුනේ මේ පහුගිය මාසේ ඇතුලතද? මොංගල් බව රටම දන්නවා... ඒත් මෙච්චර මොංගල් කියලා දන්නේ දැන්...
අපේ රටේ බහුතරය පක්ෂ බෙල්ලේ එල්ලාගෙන ඉන්නේ ,වැරද්දක් පෙන්නුවාම පුදුම කැක්කුමක් තියෙන්නේ .තමන්ගේ ගෑනිට ළමයින්ට වඩා පක්ෂයට කරන හරක් ඉන්න රටක්
ඔයාගේ හැකියාවත් අපි හොඳට දන්නවා. ඒ වගේම ඔයාගේ හැදියාවත් හොඳට ක්‍රියාවෙන්ම පෙන්වලයි තියෙන්නේ. නිකන් විහිළු සපයන්නේ නැතිව ඉන්න මහත්තයෝ...
මේ යකා කට ඇරියොත් කියන්නේම මෝඩ කතා. ළමයින්ට මන්ද පෝෂණය හැදුවේ අනුර කුමාරද? ඔය හොර නඩේනේ ළමයි විතරක් නෙමේ, වැඩිහිටියෝත් ඉන්නවා. මන්ද මානසිකත්ව ඒ මොවුන් හින්දා. දැන් මෙයා එන්නේ හොරු අල්ලන එක නතර කරන්න වෙන්න ඇති. මොවුන් කෙනෙකුට පාර්ලිමේන්තුවේ පස් පාගන්න දෙන්න නරකයි. අනුර කුමාර කරපු ටික ඇති සති ගාණකට අවුරුදු ගාණක් බලය තිබුණා. එක හොරෙක් එක හොර වාහනයක් ඇල්ලුවාද? අනුර කුමාරට පිටරටවල කට්ටිය ආදරෙයි. බොරුව, වන්චාව, පෙරේතකම නැහැ. මේ නඩේ රජ වුණා නම්... කොහොමද වියදම? මල් වෙඩි හිල්ටොන් එකෙන් කෑම. ආපහු හොර සක්කිලි ටික වැජබෙන්න එන්න හදන්නේ...
සජිත් ප්‍රේමදාසට ජය! මාලිමාව ඡන්දයෙන් පස්සේ දෙකට කැඩෙනවා. අපේක්ෂක ලැයිස්තුව දැක්කම කියන්න පුළුවන් . මාලිමා නියෝජනයක් එතන නැහැ! නංගි පෙන්නලා අක්කව දෙන්න හදන්නේ.
ලංකාවේ ක්ෂණික නූඩ්ලස් වගේ ක්ෂණිකව හැදෙන පොල් තියන බවක් මම දැනගත්තේ මෑතකදි
ජනාධිපතිවරණය පවත්වල මාසයයි , ජනතාව රවට්ටන්න කියන මෝඩ කතා , තව ටික දවසකින් තමුන්ටත් තේරුම් යාවි ජනාධිපති කෙනෙක් කියන්නේ මොනවගේ තනතුරක්ද කියල.
ඔබ හිතන්නේ ඔබ වගේ ජෝකර් කෙනෙක් ට රට පාලනය කරන්න පුළුවන් කියලාද?
ඉදිරි රැස්වීම්වලදී සජිත්ගේ මෝඩ කතා මට සිතාගත හැකිය. මේ මිනිසා ඕනෑවට වඩා උඩඟු ය. හරිම ආත්මාර්ථකාමී මෝඩයෙක්. මේ වගේ කමෙන්ට් වලට dislike කරන්න ෆේක් එකවුන්ට් පාවිච්චි කරන සජිත්ට එයාගේම මාධ්‍ය හමුදාවක් ඉන්නවා... බොරු නෙවෙයි. මම එවැනි ව්‍යාජ ගිණුම් 75ක් පමණ ඇස්තමේන්තු කරනවා. රුපියල් 500 කහින උන්...ලජ්ජයි , හිරිකිතයි, හරි අප්පිරියයි.
හ්ම්ම් මට පක්ෂය පාලනය කරගන්න බෑ
තමුන්ට නම් රටක් කෙසේ වෙතත් පක්ෂය වත් හරියට පාලනය කර ගන්ඩ බැරිබව පේන්ඩම තියෙනවා.