IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


මේ රජය ලැජ්ජා විය යුතු යි.

(නිමල කොඩිතුවක්කු)

අවදාමට ලක් වූ ජනතාව සම්බන්ධයෙන් විධිමත් සමීක්ෂණයක් වර්තමාන රජය හා ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සිදු කර නොමැති අවස්ථාවක එවැනි සමීක්ෂණයක් එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) හා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සිදු කර ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද (31) පැවසීය.

නිසි සමීක්ෂණයකින් තොරව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ නොහැකි බවත් වත්මන් රජය අස්වැසුම වැනි වැඩසටහන් පවා ක්‍රියාත්මක කරන්නේ එවැනි විධිමත් සමීක්ෂණයකින් තොරව බවත් විපක්ෂ නායකවරයා කීවේය.

මෙි නිසා සමාජය තුළ අවුල් ජාලා ඇති වී රට කෑලි කැලිවලට බෙදන අවුල් ජාලාවක් බවට අස්වැසුම වැඩසටහන පත්ව ඇති බවත් "එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සිදු කරන ලද Understanding Multidimensional Vulnerability Impact on People of Sri Lanka සමීක්ෂණ වාර්තාව විපක්ෂ නායකවරයාට බාර දිමට එම සමීක්ෂණය සිදු කළ පුද්ගලයන් පැමිණි අවස්ථාවේ දී ඔහු පැවසීය.

දරිද්‍රතාවයට විසදුමක් ලෙස අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක වුවත් ඉන් පැහැදිලි විසදුමක් ලැබී නොමැති බවත් ඒ නිසා රට තුල බෙදිමක් ඇතිව තිබෙන බවත් විපක්ෂනායකවරයා එහිදී කීවේය. බංකොලොත් රටෙි රජය විසින් හොරකම දූෂණය සිදු කරන බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා පවා රටට බාල බෙහෙත් ගෙන්වූ බවට පිලිගත් බවත් රජයේ මුදල් යොදවා බාල බෙහෙත් රටට ගෙන්වීමට කටයුතු කල පුද්ගලයන් හෙලිදරව් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සෞඛ්‍ය ඇමතිවයාට විරුද්ධ විශ්වාසභංග යෝජනාව ගෙනඑන විට ජාතික ඖෂධ නියාමන අදිකාරියේ සභාපති කට ඇරි බවත් පැහැදිලිවම ජනාධිපතිවරයා පුමුඛ රජය ඊට වගකිව යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මේ අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහ⁣නේ නේවාසික නියෝජිත Ms Azusa Kubota, Dr Sabina Alkire( Director -Oxford Poverty and Human Development Initiative (OPHI), University of Oxford), සමාජ විද්‍යාව පිලිබද මහාචාර්ය සිරි හෙට්ටිගේ මහතා, Mr. Fadhil Bakeer Markar ( Team Leader, UNDP) සහ Ms. Tshokey Zangmo, Researcher, (OPHI) එක් විය.



අදහස් (1)

මේ රජය ලැජ්ජා විය යුතු යි.

charith Friday, 01 September 2023 09:43 AM

බලයේ ඉද්දි, ආණ්ඩුවෙ ඉද්දි මේ දේවල් පෙන්නේ නෑ, ඇහෙන්නෙ නෑ, විපක්ශ උනාම ජනතාව ගෑන පුදුම දුකක් අපේ රටේ "දේශපාලුවන්ට" ඈතිවෙන්නේ...........

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site