
(ඩයනා උදයංගනී)
මෙම මාසය අවසන් වීමට පෙර තවත් ඩීසල් මෙට්‍රික්ටොන් 1,77,200ක් පමණ මෙරටට ලැබීමට නියමිත බවත්, ඒ අනුව ඩීසල් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්වය ඉදිරි දින කිහිපයේදී මගහැරී යනු ඇති බවත් බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්, කේ. ඩී. ආර්. ඔල්ගා මහත්මිය අද (10) පැවසුවාය.
ඩීසල් මෙට්‍රික්ටොන් 60,000ක් රැගත් ඔටෝ ඩීසල් නෞකා දෙකක් ඊයේ (9) ගොඩ බා ප්‍රමුඛතා පදනමක් ඇතිව බෙදාහැරීම සිදුකර ඇති බව කී ලේකම්වරිය අද (10) දිනයේ ද ඩීසල් මෙට්‍රික්ටොන් 38,300ක් රැගත් නෞකාවක් පැමිණ ඇතැයි සඳහන් කළාය.
ඒ හේතුවෙන් ඩීසල් ලබාගැනීම සඳහා පැවති තදබදය තරමක් අඩුවනු ඇතැයි ඇය කීවාය.
ලේකම්වරිය මේ බව පැවසුවේ ‘බලශක්තිය රටට ශක්තියක්’ තේමාව යටතේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී අද (10) පැවති මාධ්‍ය හමුව අමතමිනි.
මීට අමතරට ඩීසල් මෙට්‍රික්ටොන් 20,000ක් හා ගුවන්යානා ඉන්ධන තෙල් මෙට්‍රික්ටොන් 20,000ක් සහිත තවත් නෞකාවක් හෙට (11) දිනයේදීත්, තිබෙනවා. ඩීසල් මෙට්‍රික්ටොන් 37,300ක තවත් නැව් තොගයක් ලබන 14 වැනිදාත්, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලැබෙන පළමු ඉන්ධන තොගය ලෙස ගුවන්යානා ඉන්ධන රැගත් නෞකා දෙකක් මෙම මස 15, 16 දිනවලත්, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලැබෙන පළමු ඩීසල් තොගය රැගත් නෞකාවක් ලබන 22 වැනිදාත් මෙරටට ලැබෙන අතර, මෙම මස අවසානයේදී තවත් ඩීසල් නෞකාවකුත් පැමිණීමට නියමිත බව ලේකම්වරිය කීවාය.
ඩීසල් අද ලැබෙන තොගයත් සමඟ මෙම මාසයේ ඉතිරි දින කිහිපයේදී මෙට්‍රික්ටොන් 1,77,200ක තොගයක් ලැබෙන බවත්, මෙරට දිනක උපරිම ඩීසල් අවශ්‍යතාවය උපරිම මෙට්‍රික්ටොන් 7,000 ක් වන නිසා මෙම මස ඉතිරි දින 20ට අවශ්‍ය වන්නේ මෙට්‍රික්ටොන් 1,40,000 ක් පමණ බවත්, ලැබෙන තොගවලින් පාරිභෝගික අවශ්‍යතා සම්පූර්ණ කර ආරක්‍ෂිත සංචිතය ද ඉහළ නැංවිය හැකි බවත් ලේකම්වරිය පැවසුවාය.
ඒ නිසා ජනතාව පෝලිම්වල කලබල විය යුතු නැතැයි ද ඇය සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් හැතැප්ම ගණන් දිග පෝලිම් වල දවස් ගණන් සිටින අය කලබල විය යුතු නැහැ. තව ටික දවසක් ඔය ආකාරයටම ඉවසන්න. ඉන්ධන රැගත් නෞකා වරායට පැමිණීම, ඒවායේ ඉන්ධන නිදහස් කරගැනීම නිසා සෞභාග්‍යය දෝරෙ ගලනවා.
ඩීසල් නැව් නම් මග එනවා ඇති... වරායට ඇවිත් තියෙන බහාලුම්වත් නිදහස් කරගන්න බැරුවයි ඉන්නේ...
ඔල්ගා නෝනගේ අමාත්‍යාංශයේ ඕනෑතරම් ඉන්ධන තියෙනවා... අවශ්‍ය කෙනෙක් ගිහින් ගහගන්න.