(ඉන්දිකා රාමනායක)
අත්අඩංගුවට ගත් තමා ඝාතනය කිරීමේ සැලසුමක් පොලිසියට තිබූ බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද (02) පැවැසීය.
රෙද්දකින් වසා නවගමුව දේවාලය අසල ගඟ අයිනේ පාළු ස්ථානයකට රැගෙන ගිය බවත් එහි සිටි නිලධාරියකු සර් අපි කියන තැනට ආවා, මොකක් ද දැන් කරන්න ඕන කියා කිසියම් නිලධාරියකුගෙන් විමසූ බවත් මුදලිගේ මහතා සඳහන් කළේය.
එම අවස්ථාවේ නවගමුව දේවාලයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියකු දුටු පොලිසිය අන්න අරූ මේ පැත්තට එනවා, ඉක්මනින්ම මාරු වෙමු කියා යළි වාහනයට නංවාගෙන එම ස්ථානයෙන් පිටවූ බවද ඔහු සඳහන් කළේය.
වසන්ත මුදලිගේ මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (2) පැවති විශේෂ මාධ්‍ය හමුවක දී ය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දින 167 ට අධික කාලයක් සිරකරගෙන සිට නිදහස ලැබීමෙන් පසු ඔහු පැවැත් වූ ප්‍රථම මාධ්‍ය හමුව එය විය.
ඔහු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේද කීවේය.
ඉකුත් අගෝස්තු මස 18 වැනිදා වරෙන්තුව මත කියා මාවත් සිරිධම්ම හිමිත් ජීවන්ත සහෝදරයාත් පෑළියගොඩ විශේෂ පොලිස් ඒකකයක් මගින් අත්අඩංගුවට ගත්තා.
තිර පිටපත ලියද්දි ඒ තිරපිටපතේ තිබුණේ මේ ආකාරයෙන් අප නිදහස් කරන්න නෙමෙයි. ආණ්ඩුව උත්සාහ කළේ හැකිනම් අප ඝාතනය කරන්න. නැතිනම් වසර ගණනාවක් අප හිරේ තියන්නයි.
මා අත්අඩංගුවට ගත්තේ පෑළියගොඩ විශේෂ ඒකකයේ සහකාර පොලිස් අධිකාරී මහින්ද විල්ලෝරආරච්චි මහතායි. වරෙන්තුවක් කියා මා අත්අඩංගුවට ගත් ඔහු මා පෑළියගොඩ පොලිසියට රැගෙන ගියා.
පෑළියගොඩ පොලිසියට රැගෙන ගිහින් කිසිම පැහැදිලි කිරීමක් නැතුව පොලිසිය ඇතුළෙ හංගගෙන වගේ තියාගෙන හිටියා.
පසුදින පාන්දර ම කවුරුත් අවදි වෙන්නත් කලින් සිවිල් ඇඳුමෙන් පැමිණි පිරිසක් මා වාහනයක දාගෙන රෙද්දකින් වහලා එඬේරමුල්ල පොලිසියට රැගෙන ගියා.
එඬේරමුල්ල පොලීසියට යනවිට සිටි සියලු සැකකරුවන් සිරමැදිරියෙන් අයින් කරලා ඒ කූඩුවට දැම්මා.
එහිදී ඒ එස් පී මහින්ද විල්ලෝරආරච්චි මහතා මේසයක ඉඳගෙන පිස්තෝලයක් මගේ පැත්තට හරවලා ‘විජේවීරට’ විජය කුමාරතුංගට වුණ දේ උඹට මතකද ‘‘උඹට ඒ දේම තමා කරන්න ඕනේ’’ මේ තත්වය හින්දා උඹ මරන්න අපිට බැහැ. එනිසා අවුරුදු දෙකක් විතර තැපල වරෙන් කියා කිව්වා.
එහිදී ඔවුන් මරනවා කියලා මට තර්ජනය කරලා “කිසිම උසාවියකට ඉදිරිපත් කරන්නේ නැතුව අදාළම නැති පොලිසිය රඳවාගෙන” හිටියා.
නැවතත් ජිප්වල දාගෙන කාටත් නොපෙනෙන අයුරින් වෙරළබඩ පොලිසිය පැත්තේ තියෙන පොලිස් නේවාසිකාගාරයක් වෙත රැගෙන ආවා.
මෙම පොලිස් නේවාසිකාගාරයේ බිම් මහලේ යට තට්ටුවේ කරුවල කාමරයක කිසිම ප්‍රශ්න කිරීමක් නැතිව රෙදිවලින් ඔතලා පැය ගාණක් අපි තිබ්බා. දවස් ගාණක් ඒ ආකාරයේ රඳවාගෙන හිටියා.
21 වැනිදා උදෑසන නැවතත් වාහනයක දමාගෙන රැගෙන ගියා. නවගමුවේ දේවාලය ගාව තිබෙන වාහන නැවතුමේ පහළ ඇති පාළු ගඟ ගාවට ගෙන ගියා. මේ අවස්ථාවේ හිටියේ රෙද්දකින් ඔතලා මාංචුත් දාගෙනයි.
එහි සිටි පොලිස් නිලධාරියකු අදාළ නිලධාරියකු අමතමින් ‘‘සර් අපි අදාළ තැනට ඇවිල්ලා ඉන්නේ, මොකද අපි කරන්න ඕනේ’’ කියලා ඇහැව්වා.
නවගමුවේ දේවාලය අසල ගඟ අයිනේ සැකකටයුතු වාහනයක් නවතා තියෙද්දි නවගමුව දේවාලයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියකු එම ස්ථානයට පැමිණෙමින් සිටියා.
එම පොලිස් නිලධාරියා දුටු සෙසු පිරිස අන්න අරූ මේ පැත්තට එනවා, එන්න කලින් මාරු වෙමු කියා යළි වාහනයට නංවාගෙන ඉක්මනට පැදපන් කිව්වා.
නවගමුව පොලිසිය දන්නෙවත් නෑ අපිව ඒ පාළු ගඟ අයිනට ගෙන ගිය විත්තිය.
මෙහෙමයි අපව ඝාතනය කරන්න මැදිහත්වීම් කළේ. එම නිලධාරීන් කිව්වා පහුගිය කාලේ පාතාලෙ අය කිහිප දෙනකුගේ නම් කියලා අපි මැරුවේ එහෙමයි කියලා කිව්වා.
පැය 72ක්ම කිසිම උසාවියකට ඉදිරිපත් නොකර මාව රඳවාගෙන හිටියා.
වරෙන්තුවකට අත්අඩංගුවට ගත් අපි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ රැඳවුම් නියෝග අත්සන් කරනකම් දවස් තුනක් තිස්සේ පොලිසිය කළේ අප ඝාතනය කරන්න සැලසුම් කළ එකයි.
මේ රටේ පොලිස්පතිගෙන් සහ පෑළියගොඩ ස්ථානාධිපතිගෙන් අහනවා වරෙන්තුවක් මත අත්අඩංගුවට ගත්ත නම් දේවාලයේ පිටිපස්ස ගඟට අයිනට, වෙරළබඩ පොලිස් නේවාසිකාගාරයේ බිම් මහලට, එඬේරමුල්ල පොලිසිය පිටුපස තියෙන කැළෑවට රැගෙන ගියේ මොන විමර්ශනය කරන්න ද කියලා.
පොලිසියට තියෙන අයිතිය මොකක්ද අපි එම ස්ථානවලට අරගෙන යන්න. මා අරන් ගියේ විමර්ශන ස්ථානවලට ද? මේවට නිශ්චිත උත්තරයක් පොලීසිය දෙන්න ඕනේ.
පොලිස්පති පෑළියගොඩ පොලිසිය සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මේවට උත්තර දෙන්න ඕනෑ.
අපි මේ ස්ථානවලට අරගෙන ගියේ කුමකටද කියලා උත්තර දෙන්න ඕන.
අපි වගකීමෙන් කියනවා මේක ඉතාම සැලසුම් සහගතව කළ දෙයක්. පසුව ත්‍රස්තවාදය වැළැක්වීමේ නියෝගය අස්සන් කරලා අපි ත්‍රස්ත මර්දන ඒකකයට බාර දුන්නා.
ආදරණීය සහෝදර සහෝදරියන් විශාල පිරිසක් අප ආරක්ෂා කළා. ඔබ නිසයි අදටත් ඔබ ඉස්සරහ මේ විදිහට කතා කරන්න හැකියාව ලැබුණේ.
අපි මේ චෝදනා කරන්නේ සියලු පොලිස් නිලධාරින්ට නෙවෙයි. හොඳ පොලිස් නිලධාරීන්ද හිටියා. හොර රහසේ අපිව අරන් යද්දි පොලීසියේ ඉන්න විශාල පිරිසක් අපිව ආරක්ෂා කළා. ඔවුන් අතරින් ආණ්ඩුවට කඩේ යන පොලිස් නිලධාරීන්ට මේ චෝදනා කරන්නේ.
ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේදී කායික වශයෙන් සහ මානසික වශයෙන් අප විශාල වශයෙන් පීඩාවට පත් කළා.
අප දාලා තිබුණේ අඩි 4යි 8 අඳුරු යකඩ කූඩුවකට. කිසිම සුළඟක් හෝ ආලෝකයක් එන්නේ නැහැ.
තංගල්ල පරණ බන්ධනාගාරයේ එකම එක රැඳවිය වශයෙන් මම පමණයි රඳවලා හිටියේ. එහෙම කළේ කායික හා මානසික වශයෙන් වට්ටන්නයි. හිටපු සිර කූඩුවේ මට නාන්න තිබුණේ කොමඩ් එකට පාවිච්චි කරන හෑන්ඩ් ෂවර් එකයි.
සමහර වෙලාවට කෑම දුන්නෙ යකඩ තහඩුවකට. බිම තියාගෙන කනකොට ඇතැම් පොලිස් නිලධාරීන් ඒක දැකලා ඇඬුවා. බන්ධනාගාරයට මාරු කළාම එහිදී සිරකරුවන් ඇතුළු පිරිස අපිට හොඳින් සැලකුවා. ආණ්ඩු කොහොම පත්වුණත් අපේ ප්‍රශ්නය එහෙමමයි. එහෙම නැහැයි කියනවා නම් ආපසු හැරිලා බලන්න.
අපේ ඇත්ත අයිතීන් වෙනුවෙන් අඛණ්ඩව අරගල කරනවා. ඕනෑම ආණ්ඩුවක් දණගස්වන බලයක් මේ රටට අවශ්‍යයි. ඒ සඳහා සියලු දෙනාම මැදිහත් වෙමු.
‘‘ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් දැනටමත් ගොනුකර තිබෙනවා. පීඩාවට පත් කරපු නිලධාරීන්ට විරුද්ධවත් තනි තනිව නීතිමය පියවර ගන්නවා.”
අපි 4 වැනිදා විරෝධතාවක් ප්‍රකාශයට පත්කරලා තිබෙනවා. 04 වැනිදා කොළඹ එන්න. අපේ නිදහස දිනාගන්න. කොළඹ එන්න බැරි අය ළඟම හන්දියට කළු කොඩියක් අරගෙන එන්න” යැයිද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙමද? හැබැයි දැන් මිනිස්සුන්ගේ අනුකම්පාව තියන නිසා ඡන්දෙ ඉල්ලුවෝත් නරකද?
මොකෝ මුදලිගේ උන්නැහේ සුරංගනා කතාවක්වත් ගොතන්න උත්සාහ කරනවා ද? අනිත් එක තමුන්ලා හැම තිස්සෙම ඉන්නේ ඔය මරපිය කොටපිය මානසිකත්වයනේ. ඉතින් තමන්ටත් එහෙම දෙයක් කවුරු හරි කරයි කියන බය නිතර දෙවේලේ තියෙනවා. ගිය අවුරුද්දේ මැයි 9 සහ ජුනි 9 තමුන්ලා හැසිරුණු විදිය රටම දැක්කානේ. එම නිසා ඔබගේ මෙම චෝදනාව හුදු හිතලුවක් පමණක් බවයි අපට පසක් වන්නේ.
හොඳ කතාවක්... හොඳ උත්සාහයක්...
වසන්ත මුදලිගේ අත් අඩංගුවට පත්වීමෙන් පසු සිදුවූ කාරණා පිළිබඳව සහ ඔහුට සිදුවූ සිදුවීම් ඔහු නැවත පොලිසිය හෝ අධිකරණයට ගොස් නීති මගින් කටයුතු කරනවා වෙනුවට නිදහස් වූ අවස්ථාවේම සමාජ විරෝධී සහ ජනතාව ප්‍රකෝප කිරීම්වල යෙදීම සුදුසු නොවේ. මෙවැනි ආකාරයට විශ්ව විද්‍යාල හෝ අධ්‍යාපන ආයතන තුළට ඇතුළු වී නීති විරෝධී කටයුතු කිරීමට අවස්ථාවන් තිබිය යුතු නොවේ.
ලංකාවේ "මානව හිමිකම" කියලා එකක් නැත්ද? වෙන රටවල්වල සත්තුන්ටත් අයිතිවාසිකම් තියනවා.
ඔයාගේ පූරුවේ පිනකට බේරිලා ආවේ...
අයියේ දැන්වත් කට පියාගෙන ඉන්න. ඔය කියන කතා නුඹටම විරුද්ධව සාක්ෂි විදියට පාවිච්චි කරන්න පුළුවන් ආයෙත් උසාවි යන්න වුණොත්. එහෙම වුණොත් එළියට එන්න බැරිවෙයි.
බලධාරීන් ඔහුගේ ප්‍රකාශයේ සත්‍යතාව සොයා බලා ඊට සම්බන්ධ අයට එරෙහිව නිසි පියවර ගත යුතුය!
වසන්ත මුදලිගේ, අමතක කරන්න එපා නිදහස් වෙලා නෙමෙයි එලියට ආවේ ඇප පිට ඉන්නේ කියලා.පොඩි වරදකට උනත් ආපහු යන්න පුළුවන්.තව කාරණයක් කියන්න ඕනේ පොලිසිය කවදාවත් මිනිහෙක් මරන්න හදන්නේ නැහැ .මරනවා මිසක්
ජයවේවා .මාර්තු 9 න් පසු නියම නිදහස සමරමු
හොඳයි ,රට ඉන්න ළමයින්ට නිදහසේ ඉගන ගන්න තිබුනා
අපි නිදහස් උත්සව විතරක් තියල ඇතිද? පොලිසිය ගැන තියෙන්නෙ පුදුම කලකිරීමක්, පොලිස්පති මේවට පිළිතුරු දිය යුතුයි. සාමාජිකයෙක් නොවන නිසා වෙන්න ඇති ජේවීපී එක මේ දරුවා ගැන එක වචනයක් කතා කලේ නැහැ, අරගලය ආරම්භයේදී අපි ඕවට නැහැ කිව්වා, ජනපති ගියාට පස්සෙ අපි තමයි අරගල කලේ කිව්වා.
ඔය කියන පොලිස් කුක්කන්ට එරෙහිව අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ .වැරැද්ද කවුරු කලත් එකයි .නීතිය හැමෝටම එක සමාන වෙන්න ඕන
බලවත් ශ්‍රී පත්තිනි මෑණියන්ගේ ආශීර්වාදයෙන් ඔබට එහිදී කරදරයක් නොවුනු බවඉතාමත් පැහැදිලියි .ඒකට තමයි කියන්නෙ පාලකයො මොනවා කලත් ස්වභාව ධර්මයා නියමාකාරයෙන් සත්‍යය දිනවා සුදුසු පරිදි කටයුතු සලස්වනවා කියලා
ඔයාව නිදහස් කල එක ගැන බොහොම සතුටුයි .නමුත් ඔයාව මරන්න හැදුවා කියන එක නම් විශ්වාස කරන්න අමාරුයි .මොකද ඔයාව මරලා මේ ආණ්ඩුවට බලයේ ඉන්න හම්බවෙන්නේ නැහැ .රනිල් එක හොඳටම දන්නවා .හැබැයි පොලිසියේ මෝඩ ලොක්කෝ ගොන් පාට් දාන්න ඇති ඔයාව බයකරන්න .ඒක තමයි ඔයා ඔය කියන්නේ
කිසිම විනයක් නැති දේශපාලුවොයි, රාජ්‍ය නිලධාරියොයි... සාමාන්‍ය ජනතාවයි ඉන්න අපේ රටේ මෙවැනි දේවල් සුලභ සිදුවීම් තමයි.
මරන්න ඕනෑ මෙයාව නෙවෙයි. මෙයාව මරනවා කියලා නොමරපු අයයි. ඇස් වහලා තියෙද්දී ගෙනිච්ච තැන් පෙනෙන හැටි කියන්නකෝ...
ඔක්කොම හොඳයි, ඒත් මට තියෙන ප්‍රශ්නය රෙද්දෙන් ඔතාගෙන ගිය මනුස්සයාට මේ ඔක්කොම පෙනිලා.. ඇහිලා තියෙන එක...
88, 89 කාලේ මොනවා වෙන්න ඇත්ද?
මෙයා කරන්නේ රඟපෑමක්
මම මෙච්චර කල් හිතන් හිටියේ හරක් මරන්නේ දෙමටෙගාඩ කියලා
මම කිසිදෑකට විරෝධය නොපෑමි. මා ගෙනයෑමට ආ කල කිසිවෙක් විරෝධි වීමට සිටියේ නැත.
අපි දැන් බලමු පොලිසිය මේ චෝදනා ගැන ''අපක්ෂපාතී'' පරීක්ෂණයක් කරනවාද කියලා?
ඇහුවම දුක හිතෙන කතාවක්. ඒ වගේම අහන්න හිතුනා ඇයි මේ දරුවා තමන්ගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය විභාග කරලා සමත් වෙලා උපාධිය අරන් ඉවර කරන්නේ නැත්තේ කියලා. එහෙම වුණොත් ඔය අන්තරේ කැදවුම්කරු තනතුර නැතිවෙන නිසාද, විභාග කරලා සමත් වෙන්න තරම් වැඩ බැරි නිසා ඔය දැන් කරන වැඩට බැස්සාද, නැත්නම් මොකද වුණේ. මේ හැම දෙයක්ම ලැබුණේ ලෝකයේ කලාතුරකින් ලැබෙන නිදහස් අධ්‍යාපනය අපේ රටේ තිබෙන නිසා. ඇයි ඒ වරම අරන් ඒකට පයින් ගහන්නේ? තව කෙනෙක්ට ලැබෙන්න තිබුණු දෙයක් නේද තමන් දැන් පයින් ගහලා විසි කරන්නේ.
මහජන මුදලින් නඩත්තු වන පොලීසිය නීතිය ආරක්ෂා කරන්නේ මෙහෙම නම් රටේ සාමාන්‍ය මිනිස්සුන්ට දෙයියන්ගේ පිහිට තමයි. ඔය හුරේ දාන උන්දැලාට තමන්ගේ දරුවෝ පොලීසියෙන් කුදලාගෙන ගිහින් වෙඩි තියලා මරනකොට මතක් වෙයි.. අපිත් එදා අසාධාරණයට විරුද්ධව වචනයක් හරි කතා කරානම් හොඳයි නේද කියලා...
පුතේ නුබ අරගල කලේ මෙවන් අධම මිනිසුන් වෙනුවෙන් නේද. Comment දාන මිනිසුනේ ඔබලාට සැපද? ඔබලාට නොදැනුනට මිනිස්සු කොච්චරනම් අසරණ වෙලාද, එදා වේල කන්න නැති මිනිසුන් කොපමනනම් ඇතිද මේ රටේ. ඒ සියළුම දෙනාගේ ආශීර්වාදය ඔබටයි පුතේ.
ඔහේව මරන්න හදලා නැවැත්තුවා . නමුත් තමුසෙලා 1989 කාලේ ගෙදර හිටිය අහිංසක මිනිස්සු රැගෙන ගොස් මරුවා. කොහොමද මරණ භය ඇති උනානේද? තමුසෙලා රජයේ වැරදි දේවල් වලට විරුද්ද වෙනවා වෙනුවට බලයට එන හැම ආණ්ඩුවකටම විරුද්ද වෙනවා. මෙරජය කරන සමහර දේවල්, 13 දෙමළුන්ට දෙන එකට තමුසෙලා උඩින්ම කැමතී නමුත් අපි විරුද්දයි. තමුසෙලා උද්ගෝෂණ කරන්නේ ජේවීපියට බලය අරන්දෙන්න. තමුසෙලාගෙ කාටවත් බලෙන් රජයවල් පිහිට වන්න දෙන්න බැහැ. .
බොරු කියන්න එපා. මරන්න හදලා නවත්වන්නේ නැහැ නවත්වන්නේ මරලාම මිසක්.
කියයි මිහිරි කතා නිතර රසට ගොතා - ජවිපේ...
කොයි පැත්තෙන් හිනා වෙන්නද මන්දා මේ කියන දේවල් වලට... පොලිසියෙන් මරන්න හදන්නෙ නෑ... මරලම දානවා...
මෙයා රනිල්ගේ ඉත්තෙක්. රනිල්ව බලයට ෙග්න්න අරගල කරලා දැන් මිනිස්සුන්ව ෙගානාට අන්දවනවා. තව ටික දවසකින් සම්මානයක් දිලා බෙන්ස් එකකින් යයි.
කාඩ් බෝඩ් වීරයන් නිර්මාණය කරන්න එපා. අපි හිතමු මැරුවමයි කියලා. කාටවත් දැනෙන්නෙ නෑ හිටියත් වැඩක් නෑ. කෙසේ වුණත් කාවවත් මරන්න කාටවත් ලයිසන් එකක් දීලා නෑ. මේ කියන දේවල් ගැන අපක්ෂපාතීව පරීක්ෂණයක් කරන්න. එහෙම නැතිව බොරු කියනවනම් ඒවා සම්බන්ධවත් ක්‍රියා කරන්න. හරි දේ කරනව කියලා වැරදි දේ කිරීමයි මෙතන වෙන්නේ. පාරවල් වහන් ළමයි පාරේ දක්කාගෙන ඉගෙන ගන්න නොදී මොන කරුමයක්ද? ඒ ළමයින්ට කාසාදයක් බඳින්න නෑ, දරු මල්ලෙක් හදා ගන්න නෑ, ගෙයක් දොරක් හදාගන්න නෑ දෙමාපියන්ට සලකන්න විදියක් නෑ සහෝදර සහෝදරියන්ගේ ප්‍රශ්න විසඳන්න බෑ ඒකට අවහිර කිරීම මොනතරම් මානව හිමිකම් කඩකිරීමක්ද කියලා නොතේරෙන එකයි පුදුමෙ. ඔය කවුරු බලයට ආවත් උපාධිය නැති අයට රස්සාවක් දෙන්නේ නෑ. අනෙක් අන්තරේ කී දහක් මරුණද ඒත් ඔක් පිලිකාවක් වගේ සමස්ථ දේශයම විනාශ කරලා ඉවරයි.
අරගලයට ජයවේවා...!