
(ඩයනා උදයංගනී)
ගේයපද රචිකාවියක් මෙන්ම සම්මානනීය ලේඛිකාවක වන මාලිනි විජිතා විජයවීර මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
ඇය මියයන විට 89 වන වියේ පසුවිය.
සී.ටී ප්‍රනාන්දු මහතා ගායනා කළ "මා බාල කාලේ අම්මාගෙ උකුලේ" ගීතය රචනා කළ ඇය තවත් ගීත කිහිපයක් රචනා කර තිබේ.
ඇය 1991දී රචනා කළ "පේ අයියා" යොවුන් නවකථාව ඩී.ආර් විජේවර්ධන සම්මානයෙන් ද පිදුම් ලැබීය.
ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ගල්කිස්ස ආදාහනාගාරයේදී හෙට (02) සවස 5.00ට සිදුකෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සදාකාලිකවම මුළු රටම හදවතින් හඩනගා කියන සිංදුවක්. ජාතියට ඔබකළ මෙහෙවර අපිරිමිතයි, උපරිම පින්, ඔබ සදා කාලිකවම අමරණීයයි.
ඔව් , එහෙම ලස්සන අමතක නොවෙන එ කාලය ගැන මෙ ගීතය ලියපු , ඔබට සුබ ගමන් !
මා බාල කාලේ අමරනීය ගීතය ලියු ඔබ තුමියට නිවන් සුව ලැබෙවා.
මා බාල කාලේ වන් රසාලිප්ත ගීයක් අපට ලබා දුන්නාට බොහොමත්ම පින් මැතිනිය. ඔබට නිවන් සුව අත්වේවා!
ඔබේ ගීතය වගේම ඔබත් අමරණීයයි...