
(ආරියරත්න රණබාහු)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක් යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා අද (6) පැවසීය.
ඒ පිළිබඳව මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකටපිළිතුරු දෙමින් ඇමතිවරයා මෙසේද කීය.
මගේ කාලය අපරාදෙ ඒ නිසා එතුමාට තනියම ඕන දෙයක් කියා ගන්න කියන්න. එතුමා කියලා තිබුණා එතුමා සිංහයෙක් කියලාඑතුමා සිංහයෙක්ද නැද්ද කියලා රටේ ජනතාව දන්නවා. මීට ඉස්සෙල්ලා කළු ඇඳගෙන කඩුවකුත් අරන් ගල්ලෙන බිඳලා ලෙන්දොර ඇරලා කියල සිංහයෙක් වගේ ආව ඒවා නිකම් විහිළු වෙලා තියෙන්නේ .
මේ දවස්වල බල්ලො අනිනව, මීහරක් බුරනවා, නරියෝ හිනාවෙනවා, සිංහයෝ බලා සිටිනවා මේක මම කියූ දෙයක් නෙවෙයි 90 දශකයේදී රිචඩ් ද සොයිසා මාධ්‍ය වෙිදියා කිවිව ප්‍රසිද්ධ කියමනක් එදා කී ඒ ප්‍රකාශය අදට වඩාත් හොඳට ගැලපෙනවා ඇති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ හරි... මේ රටට පුළුවන් විදිහට වැඩකළ සිංහයෝ බලා සිටිනවා... බලුනරි නාඩගම්...
මේ කාලය මම දකින්නේ මහජනයා දුරදිග නොබලා ඒ ඒ වේලාවට ලැබෙන ලාභය ගැන ලොකුවට සිතා වැඩකරන නිසා මහජනයා දුකසේ උපයන ධනයෙන් මැති ඇමැති සහ නිලධාරි සැප විඳීමට පටන්ගනී. හොරාට, තක්කඩියාට, බොරුකාරයාට මැරයාට මිනීමරුවාට, සූදුකාරයාට අල්ලසට තනතුරු ලැබෙන කාලයක් වේ. සිව්පාවුන් මැරි මැරී මනුෂ්‍යයෝ වෙලා උපදින නිසා මනුෂ්‍යයා අතර තිරිසන් ගති වැඩිවේ. මේ තත්වය වත්මන් රජය යටතේ වත් වෙනසක් වේවි කියලා හිතෙනවා...
බල්ලෝ අනිනවා, මී හරක් බුරනවා, නරියෝ හිනාවෙනවා, බත්කන හරක් රට වනසපු තක්කඩින්ට රෙදි නැතුව කඩේ යනවා. සිංහයෝ බලා සිටිනවා.
එතකොට බොරු කියන්නේ කවුද?
අප්පට සිරි, දැන් මෙයාද සිංහයා? අපි දැක්කා සිංහ නාද බලු කෙඳිරිලි තෙල් වල බදු අඩු කරන්නන් කියපුවා කෙල වෙනකොට, බදු අඩු කරනවා කියපුවා කර ගන්න බැරි වුණාම, හාල්, පොල්, බිත්තර මිල පාලනේ කර ගන්න බැරි වුණාම...
තවත් බත්කන හරක් කොටසක් කයිවාරු කාරයින්ට රෙදි නැතුව කඩේ යනවා...!
නරියෝ රට පාලනය කරනකොට මෙහෙම වෙනවා.
මට නම් මතක් වෙන්නේ අසූචි ගිලදමා ඇඟපතේ අසූචි ගාගෙන ඌරෙක් සිංහයාට ගහගන්න අභියෝග කලාලු... ඒ වෙලාවේ සිංහයා පසුබැස ඉවතට ගියාලු. රටේ දැන් සිදුවෙලා තියෙන්නේ ඒක නොවෙයිද?
මේකෙන් ඔයා අයිති කොයි වර්ගයටද?
බත්කන මීහරක් කොන්දේසි විරහිතව රස්තියාදුකාරයින්ට කඩේ යනවා. ඒ අතරම මීහරක් බුරද්දී, බල්ලෝ අනිද්දී සිංහ වෙස් ගත්තු නරි ඒ අයගේ ගැලරිය චූන් කරන්න බේගල් ඇදබානවා. විසිල් විතරයි බල්ටි නැහැ. බරපතල ලෙස ආණ්ඩුවට ඩිමෙන්ෂියා රෝග ලක්ෂණ...!
ජෙප්පෝ කවද්ද සිංහයෝ වුනේ. බල්ලොම තමයි.
තුන්දෙනෙක් කරගෙන යන අපූරුව..
බල්ලෝ කොපමණ බිරුවත් තවලම ඉදිරියට ඇදෙනවා.
තුන්දෙනෙක් නියමෙට කරනවා දැන්...!