(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව නැමති ටයිටැනික් නෞකාව ගැටුණු හිම කන්දෙන් ඉවතට ගන්න තමා උපරිම උත්සාහ ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
තමා ටයිටැනික් නෞකාව බාරගෙන තිබෙන්නේ එය අයිස් කුට්ටියේ ගැටීමෙන් අනතුරුව බව කී ජනාධිපතිවරයා දෙසැම්බර් මාසයේ මැද වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට යාමට හැකි වුවහොත් වාසි සහගත තත්ත්වයක් උදාකර ගත හැකි වනු ඇතැයි කීය.
ප්‍රථමයෙන්ම කළ යුතු වන්නේ විදේශ විනිමය ආරක්ෂා කර ගැනීම බව කී ජනාධිපතිවරයා එහිදී ආනයන සීමා කර ඉන්ධන ,පොහොර සහ ඖෂධ මිලදී ගන්න හැකි බව කීය.
මුල දී මෙම ක්‍රියාවලිය යහපත් නොවුණත් දැන් යහපත් තත්ත්වයක් දක්නට ලැබෙන බව කී ජනාධිපතිවරයා ඉදිරි වසර දෙක කළමනාකරණය කරගත යුතු වෙන බව සඳහන් කළේය.
කෘෂිකර්මාන්තය ඇතුළු හැම දෙයකින් ම බදු අය කිරීමට අපට සිදු වු අතර ඒ හැර වෙනත් මඟක් අපට තිබුණේ නැති බවද ශ්‍රී ලංකා තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ 32 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් ජනාධිපතිවරයා කීය.බත්තරමුල්ල වෝල්ටර්ස්ස් ඒජ් හෝටලයේ දී මෙම උත්සවය පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පුරසාරම් වලින් වෙන සුගතියක් නැහැ.
හොඳට තිබ්බ නැව නොදන්න කප්පිතො කරවලා ගිලෙනකොට නැව ගිලුනත් බැන්ඩ් චුන් කතා එපා තව ගිලුනත් එත් චුන් කියලා ඔහොම යමු.
මළා. මං හිතුවෙ ගෲහාගෙ උල් සපත්තු දෙක දාගෙන වීදුරු පාලමේ යන්න බාරගත්ත කියල. දැන් ටයිටැනික් එකත් බාරගෙන. පුදුමයි.
ඉස්සර කාලේ නැව් ගිලෙනකොට කපිතාන් නැවත් එක්ක මුහුදේ ගිලෙනවලු. දැනුත් එහෙමද?
You are the person to drive it toward to real track. Go ahead. But, don't keep the opportunity for the bankrupt politicians to regain their corrupted plans.
එතකොට මහා බැංකුව කඩපු එක කොහොමද titanic නැවට සම්බන්ද වෙන්නේ ?
යහපාලන ආණ්ඩු කාලේ රටට දැරිය නොහැකි අන්දමට විදේශ නය ගන්නකොට නැව තිබුනේ කොහෙද?
ඒ කියන්නේ ඔබ තුමත් නැවේ ඉද්දී?
එක එක නම් දාමින් රට වලපල්ලට අරිනවා මිසක් කිසිම දියුනුවක් නැහැ. වැඩිපුර හොරාකාපු පවුල අරාක්ශා කරන්න ඇවිත් ඉන්නෙ. මොලේ කලදක් හරි තියෙනවානම්. මේබදුබරින් මිනිසුන් මුදවාගෙන. රාජපක්ශ පර්ම්පරාව. හිරබාරයට අරන්. හොරාකාපු මුදල් දෙපල රාජ සන්තක කරන්න පුලුවන්නෙ. ජනාදිපති කියන්නෙ එහෙම අයට. මෙයා මොකෙක්ද මේ දැන් හොරු පිරුනු රටක් මේක තරුන කොල්ලන් මෙල්ල කරන්න කලින් නාකි. ගොබ්බ කපුටු මයිනො ටික කුඩු කරන්න. ඇත්තටම මෙයා නිතියදන්නෙ නැත්ද. මෙහෙම ගියොත් පාසල් වහලා හිරගෙවල් අරින්න වෙයි. මිනිසුන්ට දමන නිති. ඇයි හොර නඩේට නැත්තෙ. මෙයාබයද. කරුනාකරලා අයින්වෙන්න. බේබි ව ජනදිපති කරන්නද ඉන්නෙ. එවානම් ජිවිතෙට වෙන්නෙ නැහැ. දරුවොත් නැහැ දරුදුක දැනෙන්නෙත් නැහැ. ඒ නිසානෙ කිසිම කෑම බිමක් දෙමව්පියන්ට අරන්දෙන්න බැහැ ඒ තරම් මිල අදිකයි. මුසලයින් ඉන්නකම් මේරටට වගතුවක් නැහැ. මැහින්දගෙ හුරතලි.
ඒ කියන්නේ මේක දැන් ගොඩ ගන්න අමාරුයි.
තනිකරම ගොන් කතාවක්.ටයිටැනික් නැව ග්ලැසියරේ වැදුනට පස්සේ ගිලුනා මිසක් තව කැප්ටන් කෙනෙක් ඇවිත් නැව බේරගත්තෙ නැහැ.බේරගන්න බැහැ.ඉඳලා ඉඳලා මොකක් හරි මොංගල් කතාවක් කියලා ආතල් එකක් ගන්න බුද්ධිමත් රනිල්
හා හා මීයෝ දැනගත්තා නැව ගිලෙන්නයි එන්නේ කියා එනිසා නැවෙන් පැනගන්න දුවන හැටි අපි දැක්කා. හැබැයි උන් දන්නේ නැහැ පනින්න වෙන්නේ මුහුදට කියලා. ලොක්කෝ නැව ගීලුනත් බෑන්ඩ් චුන් එකේ ඉන්න රාජ්‍ය ඇමතිලා 38 ඉන්නවානේද? උන් නැව ගිලෙනකොට කාටත් හොරෙන් බෝට්ටුවකට නැග ගන්නවා. නැව් ගිලෙන ගිලෙන සැරේට බෝට්ටුවලින් පැනගත්ත ගොයියෝ ඒ කාලෙත් ඇමතිලා දැනුත් ඇමතිලා. උන් 19 අත ඉස්සුවා 21ටත් අත ඉස්සුවා.
කපිතාන් නැවෙන් එළියට පැන ජීවිතය බේරා ගැනීමට මාලදිවයින හරහා සිංගප්පූරුවට පැන ගියේය.
මේ පැයේදී අපට ඇති එකම බලාපොරොත්තුව ඔබ බව මට හැඟේ... සුබ පැතුම් ජනපතිතුමනි
ඔය හීතලේ වතුරේ ගිලිලා මැරෙනකොට සාගල ලෑලි කෑල්ලකට නැගලා බේරිලා ගියාම තේරෙයි කරපු මෝඩකම්
ටයිටැනික් නැවට අවසානයේ මොකද උනේ කියල දන්නවනේ... පුළුවන් අය බෝට්ටුවල නැගල පැන ගන්නවා, එක හරියට ලංකාව අතහැර විදේශගතවන වුර්තිකයන් හා ශිෂ්‍යයන් වගේ. මොනවා වූනත් ඉතා ගැලපෙන උදාහරණයක් තමයි කියල තියෙන්නේ. සාර්ථක අවසානයක් බලාපොරොතු නොවියහැකි තරම්. මුල ඉදලම... විජය ආගමනයෙන් පටන් ගත්තොත් තමයි.
ඒ කියන්නේ ලංකාව අනිවාර්යයෙන්ම ගිල්වන්න.
මෙයා නැව භාරගත්තට පසුව නැව තවත් වේගයෙන් ගිලෙන්න වුනා.
Great, honest speach. Weldone President.
මගේ දැනීමට අනුව ටයිටැනික් නැව බේරා ගන්න බැරි වුණා. ඒක මුහුදුබත් වුණා. මෙයාගේ උපහැරෙන හරිම ආතල්.
දැන් කාටද පුළුවන් නැව ගිලෙන එක නවත්වන්න...!
බොහෝ දෙනෙක් රනිල් වික්‍රමසිංහ අගය කිරීම තේරුම් ගත නොහැකියි. මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීම පමණක් නොවේ. අත්තෙන්ම එය ද්විතීයක කාරණයකි. නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීම සහ හොරකම් නොකරන කාර්යක්ෂම දේශපාලන සහ රාජ්‍ය පරිපාලනයක් ඇති කිරීමට ලැබී ඇති මේ අවස්ථාව අනාගතයේ කවර කලකවත් යලි නොලැබෙනු ඇත. රනිල් වික්‍රමසිංහ සිදු කරන්නේ එම මහඟු අවස්ථාව මරා දැමීමයි. කුස ගින්නේ සිටිමින් මියයමින් අප කරන පරිත්‍යාග ඇගයීමට නම් ආර්ථික ස්ථාවරත්වයක් පමණක් ඇතිකිරීම කිසිසේතම ප්‍රමාණවත් නැත.
අපෝ මෙයාගේ කයිවාරු කතා නම්. පොතක් ලියන්න පුළුවන්. අවුරුදු 40 ක් තිස්සේ අල්ලගෙන ඉන්නවා. කරපු මඟුලකුත් නෑ. වළ පයයි ගොඩ පය කාලය වුණාම තමයි රට හඳන්න එන්නේ. මුලින්ම තමන්ට අනාගතයක් තියෙන්න එපැයි රටේ අනාගතය ගැන හිතන්න.
ඔව් අපි දන්නව ඔයා නැව ගිලුනත් බෑන් චූන් එක්කෙනෙක් තමයි. ටයිටනික් නැව ගිලුන ඔයත් මේක ගිලෙනකන් බලේ අල්ලන් ඉන්නකො.
අපි ජනතාව ඔබට වරමක් දුන්නේ නැහැ නේ ?
මම මේක බාරගත්තේ ජනදිපතිකමට තියන පෙරේත කමට , හොරු 134ත් මාවම තෝරගත්ත නිසා මට දැන් හරි සතුටුයි
හැමදාම මොකක් හරි බය්ලයක් කියනවා ඒක ඇරෙන කොට සත පහකට වැඩක් නෑ. ඉස්සර සති දෙක ගැන කිව්වේ දැන් අවරුදු දෙක ගැන කතා කරන්න පටන් අරන්. තව ටික දවසකින් දසක දෙකක් ගැන කතා කරන්න පටන් ගැනී
එතකොට නැව ice පරයේ හැප්පෙනකම් ඔබතුමා කොහෙද හිටියේ. ඔය කපිතාන් වරු එක්ක උඩ තට්ටුවේ නේද?
ඔයාලගෙ ජේආර් පප්පා තමයි ඉස්සෙල්ලාම ටයිටැනික් අයිස් කුට්ටිය පැත්තට හැරෙව්වෙ. ඒ වෙනකං රටට වැඩක් කරලා තිබුන එකෙක් තමයි අයිස් කුට්ටියෙ වදිද්දි කැප්ටන්කම කරේ, උගෙ කරුමෙට. අයිස් කුට්ටිය පෙනි පෙනී ඒ පැත්තටම ගිය එක විතරමයි ලංකාවෙ වැඩිම වාර ගානක් අගමැතිකම කරපු තමන් කරේ. තමුන්ට එදා ඒගැන ගානක් තිබුනෙත් නෑ, අදත් කරන්නෙ ගිලුන නැවේ ඉදලා බෑන්ඩ් චූන් ගන්න එක.
මට නම් හිතෙන්නේ මෙයා මේ කතා කරන්නේ මෙයාගේ බිරිඳ ගැන
ට්යිටනික් නැව අයිස් කුට්ටියේ හැප්පුවේ මෙයාගේ කප්පිත්තා වුනු අර්ජූන් මහේන්ද්‍රන් වග අපි හැමෝම හොදින් ඩන්නවා.