(අංජුල මහික වීරරත්න)
වර්තමානයේ පවතින්නේ ගහෙන් වැටුණු මිනිහට ගොනා අනින පාලනයක් යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
අත්දැකීම් නැති පිරිසකට රට කරන්න බැරි බව ජනාධිපති සහ ආණ්ඩුව ඔප්පු කර හමාර බව කී විජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂය හැමදාම ජනතාවගේ පැත්තේ හිට ගත්තා මිස තමන්ට වාසි පැත්තේ හිට ගත්තේ නැති බවද පැවසීය.
විරුද්ධවාදීන් ජනතාව මූලා කර බලය ගත්තත් අත්දැකීම් නැති නිසා ඔවුන්ට රට පාලනය කරන්න නොහැකිව රටත් ජනතාවත් විනාශ කරමින් සිටින බවද එක්සත් ජාතික පක්ෂය යනු කළ පුරුද්ද සහ පළපුරුද්ද ඇති පක්ෂයක් බවද සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදී රුවන් විජයවර්ධන මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ බලන්නකෝ කොච්චර බුද්ධිමත් අදහසක්ද? මේ අපේ ඇම්ඩන්ගේ දෙවෙනි තැන කියලා තියෙන්නේ... අපට නම් හිතාගන්නවත් බැහැ මේ වගේ බුද්ධිමතෙක් ඇයි මේ රටේ ඉපදුනේ කියලා..?
අපි හිතාගෙන හිටියේ... මේ මනුස්සයා බුද්ධිමතෙක් කියලා... බලාගෙන ගියාම මෙයා හදන්නේ පුතාණෝගේ රෙකෝඩ් එක කඩන්න...
ඔයා එච්චර ඒගැන හිතන්න එපා.
ඒ කාලේ තිබ්බේ ගෙදර ගියොත් අඹු නහී... මග හිතියොත් මම නහී ආණ්ඩුවක්...
හිස් වදන් දොඩ දොඩා තමන්ගේ බාල වග ප්‍රදර්ශනය කර කර ඉන්නවට වඩා මේ අපහසුතා රාශියක් සමඟ ඉදිරියට යන මොහොතේ රට වෙනුවෙන් යමක් කරන්නට මේ මිනිසුන් ට සිතේවා ! දේශපාලන කරන්න පුලුවන් පස්සෙ
බලාගෙන ගියාම අයියා වගේම තමයි මල්ලිත්. ජනතාවගේ පැත්තේ හිටගත්තට මදි මොනවාද ජනතාව වෙනුවෙන් හරියටම කරේ. ඒක කියන්නෙත් නෑ මේ ආණ්ඩුව හරියටම කොහොමද අනින්නේ කියලා උදාහරණ ඇතුව කියන්නෙත් නෑ. කියන්නේ එක දෙයයි. ඒ නම් ජනතාව දෙපාරක් අමාරුවේ වැටුණු බවයි. පළවෙනියට මෙයත් ඇමතිකම් කරපු යහපාලන ආණ්ඩුවෙන් කාලා ගහෙන් බිමට වැටුණු බවයි. දෙක ඒ යහපාලන ආණ්ඩුවෙන් බැට කාපු අපිට දැන් මේ ආණ්ඩුවෙන් බැට දෙන වගයි. අමතක වෙලා හිටපු ටික මතක් කරලා දුන්නාට ස්තූතියි.