
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එදා රට බාර නොගත්තා නම් ශ්‍රී ලංකාව අද බංගලාදේශයටත් වඩා නරක තත්වයට පත්වීමට ඉඩ තිබූ බව නාගරික හා නිවාස සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
අද බංගලාදේශයට අත්ව ඇති ඉරණම ලංකාවටද ඇති කිරීම ඊනියා අරගලයේ අරමුණ වූ බවත් රනිල් වික්‍රමසිංහ මහතා යළි ජනාධිපති නොවුනහොත් බංගලදේශය මෙන් රට විසාලාවක් වනු ඇති බවත් අමාත්‍යවරයා කීය.
ජන මතයට කන් නොදී දේශපාලනය කළ නොහැකි බවද කී ඇමති ප්‍රසන්න රණතුංග මහතා තමන් තවමත් ඔර්ජිනල් පොහොට්ටුවෙක් බවද කීවේය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව කීවෙි පොලොන්නරුවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරු දිස්ත්‍රික් සමුළුව අමතමිනි.
රැස්ව සිටි පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සියළුම පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන පොහොට්ටු මහජන නියෝජිතයෝ අත ඔසවා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බවට මෙහිදී ප්‍රතිඥා දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ජන මතයට කන් නොදී දේශපාලනය කල නොහැකි බව කී ප්‍රසන්න රණතුංග" .. ඇත්තෙන්ම ජන මතයට කන් දුන්නා නම් රනිල්, මහින්ද ඇතුළු පිරිවර අද කොහෙ ඉන්න ඕනද කියලා හිතලා බලන්න. රනිල්, මහින්ද විතරක් නෙමෙයි ඔය කයිවාරු ගහන ප්‍රසන්නත් ජනතාව ප්‍රතික්ෂේප කරපු අය. තවත් බොහොමයක් ඉන්නවා. සාධාරණ ඡන්ද විමසීමකින් අපට බලාගන්න පුළුවන් ඒ අයට ඉදිරියේදී සිදුවන දෙය.
ඔය ඔක්කොටම වැඩිය ඔයා නියම ඔරිජිනල් කප්පම් කාරයෙක් කියලා රටම දන්නවා
ලංකාවේ දේශපාලන භූමියන් තොලොංචි වෙලා යන්න ඕන ප්‍රදානම දේශපාලන ශාපයක් මේ.
ඒ කියන්නේ පොහොට්ටුව එකෙක්වත් නැහැ තමුන්නැහැලා ද ඇතුළත් ව රට පාලනය කරන්න පුළුවන් . එහෙමනම් ඇයි තාම පොහොට්ටුව ඉන්නෙ . එජාපය ට ගියා නම් ඉවරයි නෙ.
මූ කතා කරන්නේ කටෙන් වෙන්න බෑ .පස්සෙන් තමයි මෙහෙම කතා කියන්න පුළුවන්
ඔරිජිනල් අපරාධකාරයෝ පොහොට්ටුවෝ තමයි
මම නම් ජිවිත කාලෙට දැකලා තියෙන අප්‍රසන්නම දේසපාලයෙක් තමයි මේ. ලොකු ලොකු ඇමතිකම් කලාට කයිවාරුව මිසක් කිසිම අදාළ උගත් කම් තියෙන මිනිස්සුද මේ. නෝනගේ නමින් බත්තරමුල්ලේ රජයට අයත් වගුරු බිමක් ගොඩ කරලා ගෙයක් ද මොකද්ද හදන්න හැදුවා නේද? එකටත් නඩුවක් යනවා නේද? පුළුවන් නම් අධ්‍යාපන සහතික පෙන්නන්න කියන්න. එතකොට තේරේවි ඔරිජිනල්ද නැත්නම් නිකම්ම නිකම් රෙජිෆෝම් ද කියලා.
මේ සෙට් එකම එකතුවෙලා රනිල්ට ගේම දීලා ආපහු පොහොට්ටුවේම ඉන්නයි යන්නේ .ලංකාවේ ජනතාව ඔච්චර මෝඩනේ දැන්
මේ කියන කතාවෙ ඇත්තක් තියනවා. සජිත් දිනුවොත් ආයෙ මාස දෙක තුනකින් අරගල පටන් ගනියි. රනිල්ට විතරයි අරගලකාරයො බය. බංගලාදේශය මෑතකදි ලබාගත් දියුනුව දින ගනනකින් විනාස වෙලා තියන හැටි. දැන් ආයෙ ගොඩ ගැනීම බොරැ. ඇත්තටම ගෝටාභය හමුදාවට වෙඩි තියන්න කිව්වානම් අපිත් අද ඉන්නෙ එතන. ගෝටාබය ජනාදිපති විදියට ගත් එකම විශිෂ්ට තීරනය ඒක.
අනේ පලයන් බන් යන්න අපේ කාලෙ කන්නේ නැතිව... ඔබ ඔරිජිනල් කප්පම් කාරයෙක්...
ලංකාව බංගලාදේශයක් වුණා නම් ඒකට පළමුව වගකියන්න ඕනෑ තමුන්ලාම බව අමතකද?කප්පම්කාරයෝ පාර්ලිමේන්තු යවපු ගම්පහ ජනතාවට කියන්නේ මේවාචාලයා ආයෙම එවන්න එපා.
ඔරිජිනල් කප්පම් කාරයෙක් නෙවෙයිද?
ඔරිජිනල් නම් පොහොට්ටු දෙකක් ඔලුවේ දෙපැත්තෙන් පෙන්නන්න.
තමුන්ගේ පව්ලේ අය ඔක්කෝම, දේශපාලනෙන් හොරාකාලා බඩවඩා ගත්තු අය. ඔරිජිනල් හොර දූෂිතයින්...!
ඔරිජිනල් පොහොට්ටුවෙක් තමයි... නමුත් අලි වලිගේ එල්ලිලා දිව්‍යලෝකේ යන්න තමයි ප්ලෑන් එක... තියෙන්නේ. ලැජ්ජා නැති පොහොට්ටුවෙක් කිව්වා නම් වඩා හොඳයි...
පරවුණු පොහොට්ටුව ඉක්මණින් බිමට වැටේවා...!