(ඉන්දිකා  රාමනායක )

පන්නල මා ඔය රක්ෂිතයට  නීති විරෝධී ලෙස ඇතුළු වී මා ඔයේ ඉවුරුවලට  හා පරිසරයට හානි වන අයුරින් මහා පරිමාණයෙන් වැලි සහ මැටි  කපමින්  සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි.

මොවුන් බාරයේ තිබූ වාහන හතරක් ද,  කපන ලද මැටි සහ වැලි ද විශේෂ කාර්ය කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන ඇත.

ඉවුරට හානි වන අයුරින් මැටි සහ පස් කැණිම් සහ පරිසරහානි සිදු කරමින් සිටි යෝගියාන, සඳලංකාව. දංකොටුව යන ප්‍රදේශවල පදිංචි වයස අවු. 29, 56, 44 වයසේ පසුවන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන  ඇත.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පන්නල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.