
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනත යනු ඉරිසියාව,වෛරය, ක්‍රෝධය සියල්ල හිතේ තියාගෙන ගෙනාපු පනතක් බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"චන්ද්‍රිකා, මෛත්‍රීපාල සහ මහින්ද රාජපක්ෂ යන හිටපු ජනාධිපතිවරුන් අද රජයේ නිවාස වල ඉන්නවා.
ජේ.වී.පී.ආණ්ඩුව මේ ජනාධිපතිවරු තුන්දෙනාම ගේන්න උදව් කළා.
ශ්‍රී ලංකා කාරයොන්ටයි, පොහොට්ටු කාරයොන්ටයි ,ජේ,වී.පී කාරයොන්ටයි ඔක්කොටම ඉස්සරහට බෙදාගන්න තියෙන්නේ ඔය ඡන්ද හැට නව ලක්ෂය තමයි.යූ.එන්.පී කාරයොයි සමගි කාරයොයි කියන්නේ එකක්.ඇල්ල වැල්ලවායේ බස් අනතුරෙන් 15ක් මිය ගියා.ප්‍රවාහන නියෝජ්‍ය ඇමති කියන්නේ මොකක්ද? මහින්ද රාජපක්ෂ හදපු පාරවල් වල වරදලු.මේ පාර කැපුවේ හැට හතේ.ඔක්කොම මහින්දගේ එකවුන්ට් එකට දාන්න එපා. මේ ගෙවල් කඩමින් ඉන්න ඕන කාලයක් නෙමෙයි. තව වැඩ ගොඩක් තියෙනවා කරන්න යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ බඩේ තියාගෙන ගෙනාපු එකක් කියලා තමයි.
ඒක නෙවේ ඔයා ඉස්සෙල්ලා බඩ අඩු කර ගන්න...
ඔය කියන දුර්ජන ගති විතරක් නෙවෙයි බොරුව කපටි කයිරාටිකකම් ,බල තණ්හාව,හොරකම්,වංචා දූෂණ කුහකකම,දුෂ්ටකම, ,උද්දච්චකම ඉහට ගහලා දූෂිත දේසපාලුවෝ කරපු වැඩත් අනන්තයි.අප්‍රමාණයි.
ශරීරය වැඩිලා තියෙන තරමට මොලය වැඩිලා තිබුණා නම්?