(නිමල කොඩිතුවක්කු)
හොඳම දේ දරුවන්ට යැයි කියමනක් ඇතත් අපේ රටේ දරුවන්ට ලැබෙන්නේ හොඳම දේ දැයි රජයෙන් ප්‍රශ්න කර සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21)පැවසීය.
පෝෂදායී ආහාර වේලක් නැති, අධ්‍යාපනයට අවශ්‍ය මෙවලම් ටික ලබාගන්නට නොහැකි දරුවන් සිටින රටක, හොඳම දේ දරුවන්ට යන ප්‍රකාශය අසත්‍යක් බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
කයිවාරු ගැසීමෙන් පමණක් දේශප්‍රේමය හෝ දේශාභිමානය ගොඩ නැංවිය නොහැකි බව බලධාරීන් අවබෝධ කරගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක 46 වන සක්වල වැඩසටහනට සමගාමීව රුපියල් පනස් ලක්ෂයක් වටිනා බස් රථයක් මැදවච්චිය මෛත්‍රීපාල සේනානායක මධ්‍ය මහා විද්‍යාලයට අද පරිත්‍යාග කරනමින් ඔහු මේ බව පැවසීය.
ආණ්ඩුවට හිතවාදී 12 දෙනකු විසින් ඇමතිකම් ගැනීමට කෙළ හලමින් සිටින බවත් ඔවුන් එසේ ඇමතිකම් ගන්නේ ලක්ෂ 220ට සෙතක් කිරීමට නොව තමන්ගේ පවුලට හිතවත් පුද්ගලයන්ට තනතුරු තාන්න මාන්න ලබා දීමට බවත් විපක්ෂ නායකවරයා එහිදී කීවේය.
මේ තත්ත්වය පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය වෙනස් කර ඇති බවත් 225 වෙනුවට රටේ ලක්ෂ 220 ගැන සිතා සමගි ජන බලවේගය සෑම විටම කටයුතු කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මෙයා.කතා.කරන්නේ පහුගිය කාලේ මෙයා උන්නේ අගහරු ලෝකේස්.වගේ.
හොඳම දේ දරුවන්ට යැයි කියමනක් ඇතත් දරුවන් ගැන මෙසේ සිතන්නා ගැන කුමන කතාද...? පෝෂදායී ලැවරියා ආහාර වේලක් කාලා, මොළේට අවශ්‍ය අධ්‍යාපනයට මෙවලම් ටික ලබාගන්නට හැකි දරුවන් සිටින රටක් වන සුද්දාගේ රටට ගිහිල්ලා වසරකට රුපියල් එක්කෝටි 20 ලක්‍ෂයක් ඉගෙනීමට වියදම් කරලා ආර්ථික විද්‍යාව අවුරුදු තුනක්ම එහෙ ඉහළම විශ්ව විද්‍යාලයක ඉගෙනගෙන රටේ ආර්ථිකය වැටුණු වෙලාවේ රට බාරගන්න.. ඔබගේ ආර්ථික විද්‍යා ලද දැනුමෙන් රට ගොඩගන්න කියනකොට පෑල දොරෙන් එපා.. මට එපෝ.. කියලා පැනලා දුවපු මේ උත්තමයා අද රනිල් කියන ආයිත් වට්ටවන්නම බැරි නැගිට්ට අලියා ගැන හිතලාම කියන කතා වෙන්න ඇති....!
අනේ මේ මනුස්සයට කන් ඇසීමේ දෝෂයක් ද මන්දා? ඉතින් බලයක් දෙන්න හිතන්න පුළුවන්ද? “හොඳම දේ අපට සහ අපේ දරුවන්ට“ කියා පාර්ලිමේන්තු සභා වාරයකදී පක්ෂ හෝ විපක්ෂ මන්ත්‍රීවරයෙක් කියපු දෙයක් පටලවාගෙන...
මේ මනුස්සයා කොහේද ඉන්නේ...? මේ වගේ මනුස්සයෙක් විපක්ෂ නායක විදිහට ඉන්නකොට රට කොහොම තියේවිද කියලා හිතාගන්න පුළුවන්නේ...!