IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මේ ආණ්ඩුව යටතේ ’’හොඳම දේ දරුවන්ට කියමන’’ බොරුවක්

(නිමල කොඩිතුවක්කු)

හොඳම දේ දරුවන්ට යැයි කියමනක් ඇතත් අපේ රටේ දරුවන්ට ලැබෙන්නේ හොඳම දේ දැයි රජයෙන් ප්‍රශ්න කර සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21)පැවසීය.

පෝෂදායී ආහාර වේලක් නැති, අධ්‍යාපනයට අවශ්‍ය මෙවලම් ටික ලබාගන්නට නොහැකි දරුවන් සිටින රටක, හොඳම දේ දරුවන්ට යන ප්‍රකාශය අසත්‍යක් බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

කයිවාරු ගැසීමෙන් පමණක් දේශප්‍රේමය හෝ දේශාභිමානය ගොඩ නැංවිය නොහැකි බව බලධාරීන් අවබෝධ කරගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක 46 වන සක්වල වැඩසටහනට සමගාමීව රුපියල් පනස් ලක්ෂයක්  වටිනා බස් රථයක් මැදවච්චිය මෛත්‍රීපාල සේනානායක මධ්‍ය මහා විද්‍යාලයට අද පරිත්‍යාග කරනමින් ඔහු මේ බව පැවසීය.

ආණ්ඩුවට හිතවාදී 12 දෙනකු විසින් ඇමතිකම් ගැනීමට කෙළ හලමින් සිටින බවත් ඔවුන් එසේ ඇමතිකම් ගන්නේ ලක්ෂ 220ට සෙතක් කිරීමට නොව තමන්ගේ පවුලට හිතවත් පුද්ගලයන්ට තනතුරු තාන්න මාන්න ලබා දීමට බවත් විපක්ෂ නායකවරයා එහිදී කීවේය.

මේ තත්ත්වය පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය වෙනස් කර ඇති බවත් 225 වෙනුවට රටේ ලක්ෂ 220 ගැන සිතා සමගි ජන බලවේගය සෑම විටම කටයුතු කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (6)

මේ ආණ්ඩුව යටතේ ’’හොඳම දේ දරුවන්ට කියමන’’ බොරුවක්

මහසෙන් Wednesday, 21 December 2022 04:15 PM

අනේ මන්දා මෙයා.කතා.කරන්නේ පහුගිය කාලේ මෙයා උන්නේ අගහරු ලෝකේස්.වගේ.

:       2       11

වෙනසක් ඉල්ලන පුරවැසියන් Wednesday, 21 December 2022 05:21 PM

කයිවාරු ගැසීමෙන් පමණක් දේශප්‍රේමය හෝ දේශාභිමානය ගොඩ නැංවිය නොහැකි බව බලධාරීන් ඇතුළු දේශපාලකයන් අවබෝධ කරගත යුතුව ඇත. මෙපමණ කලක් සිදුව තිබෙනුයේ කයිවාරු බව රටේ පුරවැසියන් තේරුම් ගෙන තිබේ. විපක්ෂ නායක සිටිනා පාර්ලිමේන්තුවේ සිදුවන්නේත් එයම බව අපි දනිමු...

:       1       6

PereraWednesday, 21 December 2022 07:19 PM

රටේ පුරවැසියන් ඕවා අවබෝධ කරගෙනද? නැද්ද? කියලා බලන්න පුළුවන් ලබන ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙනකොට...

:       0       5

මසුරං කියමං Wednesday, 21 December 2022 04:27 PM

හොඳම දේ දරුවන්ට යැයි කියමනක් ඇතත් දරුවන් ගැන මෙසේ සිතන්නා ගැන කුමන කතාද...? පෝෂදායී ලැවරියා ආහාර වේලක් කාලා, මොළේට අවශ්‍ය අධ්‍යාපනයට මෙවලම් ටික ලබාගන්නට හැකි දරුවන් සිටින රටක් වන සුද්දාගේ රටට ගිහිල්ලා වසරකට රුපියල් එක්කෝටි 20 ලක්‍ෂයක් ඉගෙනීමට වියදම් කරලා ආර්ථික විද්‍යාව අවුරුදු තුනක්ම එහෙ ඉහළම විශ්ව විද්‍යාලයක ඉගෙනගෙන රටේ ආර්ථිකය වැටුණු වෙලාවේ රට බාරගන්න.. ඔබගේ ආර්ථික විද්‍යා ලද දැනුමෙන් රට ගොඩගන්න කියනකොට පෑල දොරෙන් එපා.. මට එපෝ.. කියලා පැනලා දුවපු මේ උත්තමයා අද රනිල් කියන ආයිත් වට්ටවන්නම බැරි නැගිට්ට අලියා ගැන හිතලාම කියන කතා වෙන්න ඇති....!

:       2       10

Deepal Nirosh Wednesday, 21 December 2022 05:09 PM

අනේ මේ මනුස්සයට කන් ඇසීමේ දෝෂයක් ද මන්දා? ඉතින් බලයක් දෙන්න හිතන්න පුළුවන්ද? “හොඳම දේ අපට සහ අපේ දරුවන්ට“ කියා පාර්ලිමේන්තු සභා වාරයකදී පක්ෂ හෝ විපක්ෂ මන්ත්‍රීවරයෙක් කියපු දෙයක් පටලවාගෙන...

:       3       6

ගැමියෙක් Thursday, 22 December 2022 08:22 AM

මේ මනුස්සයා කොහේද ඉන්නේ...? මේ වගේ මනුස්සයෙක් විපක්ෂ නායක විදිහට ඉන්නකොට රට කොහොම තියේවිද කියලා හිතාගන්න පුළුවන්නේ...!

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 104 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site