IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


භූමිතෙල් ලීටරයක් රුපියල් 5 කින් අඩුවෙයි

(යොහාන් භාසුර)

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩු කිරීමට පියවර ගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (31) රාත්‍රී  නිවේදනය කළේය.

රුපියල් 188 ක්ව පැවති භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 183 ක් බව ද එම සංස්ථාව සඳහන් කරයි.

එම නව මිල අද (31) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන බවත් සෙසු ඉන්ධන වර්ගවල මිල තවදුරටත් නොවෙනස්ව පවතින බවත් එම සංස්ථාව කීය.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 309 ක, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 371 ක, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 286 ක සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 313 ක තවදුරටත් පවතින බවද ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් ක⁣ළේය.



අදහස් (3)

භූමිතෙල් ලීටරයක් රුපියල් 5 කින් අඩුවෙයි

Nilantha Wednesday, 01 January 2025 06:44 AM

මාස හයක් යනතුරුම විදුලිබිල අඩුකරන්න බැරිවුණාම කුප්පි ලාම්පුවේ පිහිට පතන්න කියලා ඉඟියකින් පෙන්නා තියෙනවා.

:       0       6

Naleen Wednesday, 01 January 2025 08:27 AM

පුදුම හොඳක්...!

:       0       4

සිල්වා Wednesday, 01 January 2025 09:44 AM

ජනවරමේ වගකීම සහ වගවීම ඉටුකර නැත. ඉන්ධන මිල කිව්ව විදිහට අඩුකරන්නේ නෑ.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site