
(ඩයනා උදයංගනී)
භූමිතෙල් සඳහා සහනයක් අවශ්‍ය පිරිස්වලට මූල්‍ය ආධාරයක් ලබා දී භූමිතෙල් මිල ද සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව සම කැබිනට් ප්‍රකාශක, විදුලිබල හා බලශක්ති අමාත්‍ය, කාංචන විජේසේකර මහතා පැවසීය.
භූමිතෙල් ලීටරයක් රුපියල් 87 කට අලෙවි කිරීමෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් 275.26ක අලාභයක් ලබන බව අමාත්‍යවරයා සඳහන් කළේය
භූමිතෙල් සඳහා සහනාධාරයක් දියයුතු ධීවර, වතු කම්කරු පිරිස් ඇතුළු අඩු ආදායම්ලාභී පිරිස් වෙත ධීවර පරීක්‍ෂක, තේ පරීක්‍ෂක, ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවක් හරහා මාසිකව මුදල් ආධාරයක් දීමේ වැඩපිළිවෙලක් සැලසුම් කරන බව ද හෙතෙම කීවේය.
අමාත්‍ය කාංචන විජේසේකර මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
අඩු මිලට භූමිතෙල් අලෙවි කිරීම නිසා විවිධ පිරිස් එය අවභාවිතා කරන බව කී ඇමතිවරයා මේ දිනවල ඉවුම් පිහුම් සඳහාත් විශාල පිරිසක් භූමිතෙල් ලබාගන්නා බව පැවසීය.
ඇතැම් බස් රථ රියදුරන් ඩීසල් වැඩිවන විට භූමිතෙල් තොග රැස්කරමින් ඒවා යොදා ප්‍රවාහන කටයුතුවල යෙදෙන බව කී ඇමතිවරයා ඇතැමුන් සියයට සියයක් භූමිතෙල්වලින් ධාවනය කරන බව නිරීක්‍ෂණය වී තිබෙන බව ද ප්‍රකාශ කළේය.
බස්රථවල දුම් සහතික ලබාදීමේදී ඔවුන් භාවිතා කර ඇත්තේ ඩීසල් ද භූමිතෙල්දැයි විමර්ශනය කරන ලෙස ප්‍රවාහන ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ද විජේසේකර මහතා පැවසීය.
මෙම තත්වය නිවරදි කරන තුරු භූමිතෙල් නිකුත් කිරීම සීමා කර ඇතැයි ද ඇමතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භූමිතෙල් වෙළෙඳ පොළ මිලට දීලා අවම ආදායම් ලබන අයට දීමනාවක් සමෘද්ධිය හරහා දුන්නා නම් ඉවරයි. දැන් මේ ක්‍රමයෙන් පුළුවන් කෙනත් දුක් විඳිනවා.. බැරි කෙනත් දුක් විඳිනවා...
දුම් පරීක්ෂාව ගැන නම් කතාකරලා වැඩක් නැහැ. ඕක තවත් එක් හොර ගුහාවක්. පෙට්‍රල් වහලා පාස් කරගන්නලු. නිෂ්පාදක සමාගම් කියනවා ඒ තත්වයෙන් දුවන එක එන්ජිමට හොඳ නැහැ... රත්වෙනවා. වොරන්ටි දෙන්න බැහැ කියලා. මේවා අපි ගෙන්නපුවා නෙවෙයි. වගකිවයුතු ආයතන මගින් නිෂ්පාදකයා ඒජන්ට් හරහා විකුණපු බයික්. අන්තිමට වෙන්නේ එතැනයි, මෙතැනයි රස්තියාදුව සහ තව කීයක් හරි වැඩිපුර වැයවීමයි. පරීක්ෂණ ස්ථානයෙන් කියන්නේ, කරන්න දෙයක් නැහැ.. සමත් වෙන්න නම් පෙට්‍රල් වහගෙන එන්න කියලයි. ඉතින් හොඳම දේ භුමිතෙල් වැඩි කරන්න පාඩු නොවෙන්නටම. එතකොට ඔය ඉල්ලුම අඩුවෙයි නිකන්ම... සහන දෙනවා කියලා පාඩුවට ආයතන දුවලා පේනවනේ දැන් කිසිම වැඩක් කරගන්න බැරි තැනට රට ඇවිල්ලා. තව තියෙනවා කියලා වැඩක් නැහැ...