
(ඩයනා උදයංගනී)
එක් පාරිභෝගිකයකු සඳහා ඉන්ධන පිරවුම්හල් මගින් දිනකට නිකුත් කළ හැකි උපරිම භූමිතෙල් ප්‍රමාණය ලීටර 5කට සීමා කිරීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත.
ධීවර කර්මාන්තයේ නියැලෙන්නන් සඳහා භූමිතෙල් නිකුත් කිරීමේදී ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන වලංගු ලිපියක් ඉදිරිපත් කර අවශ්‍ය භූමිතෙල් ප්‍රමාණය නිකුත් කළ යුතු බව එම සංස්ථාව පවසයි.
එසේ නොමැතිව ඔවුන්ට ඉන්ධන නිකුත් කිරීමට ලංකා ඉන්ධන පිරවුම්හල් වෙත අවසර නොමැති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ අලෙවි කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
භාජනවලට ඉන්ධන නිකුත් කිරීමේ විධිමත් වැඩපිළිවෙලක් ද මේ වන විට සකසා ඇති බැවින් ඊට පටහැනිව බැරල්, බූලි ආදියට ඉන්ධන නිකුත් කිරීමෙන් වළකින ලෙස ද ඛනිජතෙල් නීතිගත සංස්ථාව සියලුම සිපෙට්කෝ ඉන්ධන අලෙවිසැල්වලට දැනුම් දී තිබේ.
ඛනිජතෙල් නීතිගත සංස්ථාව මගින් තෝරාගත් පාරිභෝගික කොට්ඨාශ කිහිපයක් සඳහා පමණක් සහනදායී මිලකට නිකුත් කරන භූමිතෙල්, කර්මාන්ත, ව්‍යාපාර හෝ බස්රථ ඇතුළු රථවාහන සඳහා නිකුත් කිරීම, අවභාවිතා කිරීම මෙන්ම අවභාවිතයට අවස්ථාව ලබාදීම බරපතල වරදක් බව ද ඔවුන් දැනුම් දී ඇත.
මෙම උපදෙස්වලට පටහැනිව කටයුතු කරන ඉන්ධන පිරවුම්හල්වල සංස්ථා බෙදුම්කාරීත්නධූරය අහෝසි කිරීමට කටයුතු කරන බවට ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එම පිරවුම්හල්වලට දැනුම් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිවුරුම්පිටිය හා ඇහැලියගොඩ පමණයි.. අපට ආසන්න භූමිතෙල් තියෙන ස්ථානයක් තියෙන්නේ... නමුත් මාස ගණනක එම ස්ථානවලට භූමිතෙල් ආවේ නැහැ. හැම වෙලාවේම භූමිතෙල් නැත යනුවෙන් දැන්වීමක් පමණයි තියෙන්නේ.. ඇත්තටම භූමිතෙල් එවලා වැඩිමිලට දෙනවද සොයා බලන්නැයි සමහරු කියනවා. මෙම ස්ථානවල පොම්පකරුට අමතරව ගාණක් දුන්නොත් ගන්න පුළුවන් කියලා භූමිතෙල් ගන්න සලාක ක්‍රමයක් හෝ කූපන් ක්‍රමයක් ඇතිකරන්න. එවිට කාටත් සාධාරණයක් වේවි...!