
(යොහාන් භාසුර)
ඉන්දියාවට එරෙහිව ලක්නව්හිදී මේ මස 24 වැනිදා ආරම්භ වන විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයට ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්‍ෂ ඇතුළත් නොකිරීමට විරෝධ පළ කරමින් ක්‍රීඩා ලෝලීහූ පිරිසක් ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය ඉදිරිපිට අද (22) පස්වරුවේ උද්ඝෝෂණයක් කළහ.
‘භානුකට සාධාරණය ඉටු කරනු’, ‘ඇග බැලුවනන් 96 අර්ජුනත් නෑ වර්ල්ඩ් කප් එකත් නෑ’ සහ ‘ක්‍රීඩා ඇමතිතුමනි භානුක වෙනුවෙන් සාධාරණය ඉටුකරනු’ ලෙස සඳහන් පුවරු පුදර්ශනය කරමින් එහිදී ක්‍රීඩා ලෝලීහූ උද්ඝෝෂනයෝ නිරත වූහ.
ශරීරියේ මේද ප්‍රමාණය මැනීමේ පරීක්‍ෂණයෙන් භානුක රාජපක්‍ෂ අසමත් වීම නිසා සංචිතයෙන් ඉවත් කිරීමට තේරීම් කමිටුව කටයුතු කළේය.
(ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට දවස විශ්වාස නැති රටේ මේ මිනිස්සු ඉන්නේ දැවෙන ප්රශ්නවල... රට ඔහොමහරි තියන එකත් ලොකු දෙයක්...
නුඹලාට පිස්සු... මෝඩ, නූගත් හරක් මේ රටේ තත්වය බලලා මේ වගේ මෝඩ ආතල් දෙන එක හරිද? නුඹලා වැඩක් බලාගෙන ගෙදරට වෙලා හිටපියව්...
අර 3 දෙනා...! (ධනුෂ්ක, මෙන්ඩිස්, දික්වැල්ල)
‘භානුක‘ ‘භානුකට‘ සාධාරණය ඉටුකරගත යුතුයි. ‘භානුක‘ මෙය දැනගත යුතුයි.
භානුකත් නමට හරි රාජපක්ෂයෙක් හින්දාද...?