
(අංජුල මහික වීරරත්න)
භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරෙහි සේවය කළ ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී ඒ. එන්. හපුගල මහතා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් තනතුරකට පත් කිරීම හේතුවෙන් පුරප්පාඩු වූ එකී තනතුරෙහි වැඩ බැලීම සඳහා දැනට ජාතික අයවැය අධ්යක්ෂ ජනරාල් ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි ජූඩ් නිලුක්ෂාන් මහතා පත් කිරීමට 2025-10-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
භාණ්ඩාගාරයේ ලේකම් විසින් පත් කරනු ලැබ ඇති නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරුන් දෙදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුර සඳහා සුදුසු නිලධාරිනියක වශයෙන් දැනට රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් තනතුරක සේවය කරනු ලබන ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනී ඒ. එම්. එස්. මල්කාන්ති මහත්මිය යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි ඒ මහත්මිය භාණ්ඩාගාර මෙහෙයුම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථීක සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd