IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


’’භගවාන්’’ අක්කර බාගෙට ලක්ෂ 64 ක් දෙයි

(අංජුල මහික වීරරත්න)

අක්කර බාගයකින් රුපියල් ලක්ෂ 64ක ආදායමක් ලැබිය හැකි දෙළුම් වගාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ මඩකලපුවේ වගා කර තිබෙි.

ඉන්දියාවේ වගා කරන විශේෂ දෙළුම් ප්‍රභේදයක් වන "භගවාන්" නැමැති දෙළුම් ප්‍රබේදය මෙහි වගා කර ඇති බව කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය පවසයි. මඩකලපුව කළවංචිකුඩි ප්‍රදේශයේ හා මුලතිව් දිස්ත්‍රික්කයේ ද මුහුද ආසන්නව මෙම දෙළුම්වගාවන් පළමු අදියර යටතේ අක්කර 150ක් හා දෙවන අදියර යටතේ අක්කර 150ක් වශයෙන් අක්කර 300ක වගා කර තිබේ.

දැනට මෙම දෙළුම් වගාවන්ට මාස නවයක් ගත වී ඇති අතර අස්වනු නෙලීමට ගත වන සමස්ත කාලය මාස 18ක් බව කෘෂිකර්ම අමාත්‍යාංශ පවසයි.

ඒ අනුව තවත් මාස නවයකින් මෙම වගාවන්හි අස්වනු නෙලීමට හැකිවන අතර අක්කර බාගයකින් රුපියල් ලක්ෂ 64ක ආදායමක් ඉපයිය හැකි වීම මෙම වගාවේ සුවිශේෂීත්වයක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.

දේශීය පරිභෝජනයට මෙන්ම අපනයනය ඉලක්ක කරමින් මෙම දෙළුම් වගාවන් සිදු කර තිබේ. ගොවීහු 600ක් දෙළුම් වගාවේ නිරතව සිටිති.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මඩකළපුව කලවංචිකුඩි දෙළුම් වගාව පිළිබඳ කරුණු සොයා බැලීමට එහි නිරීක්ෂණ චාරිකාවක සහභාගී වූ අතර ආදර්ශ කෘෂි උද්‍යාන ලෙස සංවර්ධනය කෙරෙන මෙම වගාවන් සෙසු ගොවීන් ද ව්‍යාපාරික කෘෂිකර්මාන්තයට උනන්දු කරවීම තම අරමුණ බවද සඳහන් කළේය.



අදහස් (3)

’’භගවාන්’’ අක්කර බාගෙට ලක්ෂ 64 ක් දෙයි

sena Sunday, 13 November 2022 11:40 AM

මේ ඇමැතිතුමාට වැඩක් නැද්ද මන්දා... ගොවිපොළක්, ගොවිපොළක් ගානේ ඇවිදින්නේ...?

:       13       1

MahasenSunday, 13 November 2022 10:29 PM

ඉතින් ඒක තමයි ඇමැතිවරයාගේ රාජකාරිය...!

:       0       1

යූ.ජී.ජානක චමින්ද රාජපක්ෂ Sunday, 13 November 2022 08:03 PM

මමත් දෙළුම් වගාවක් කිරීමට අනුරාධපුර මිහින්තලය ප්‍රදේශයේ අක්කර 03ක ඉඩමක් මිලදීගෙන තිබෙනවා. එහි වගා ලිඳක් කපා අක්කර 03ටම කම්බි වැටද ගසා ඇත. ඒ සඳහා දෙළුම් පැල සිටුවා නඩත්තු කිරීම පිළිබඳව ඔබ ආයතනයේ උදව්, උපදෙස් ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site