(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
භික්ෂූන් වහන්සේලා තුළ ඇති අර්බුද ගැන රන්ජන් රාමනායකට හා කාදිනල් තුමාට හැර වෙන කාට කියන්න දැයි කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘතික අංශයේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අද (31) මිරිගම දී ප්‍රශ්න කළහ.
රට හදන්න නම් භික්ෂු සංස්ථාව හදන්න ඕනෑ භික්ෂු සංස්ථාව හදන්න පිරිවෙන් හදන්න ඕනෑ අපේ හාමුදුරුවරු ගොඩනැගිලි හදන්න ලෑස්ති උනාට පිරිවෙන් හදන්න රට හදන්න ශාසනය හදන්න ලෑස්ති නැතැයිද ධම්මරතන හිමියෝ පැවැසූහ.
මීරිගම ශාසන වර්ධන පිරිවෙනේ වාර්ෂික ත්‍යාග ප්‍රධාන උත්සවයට සහභාගි වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.
අද මහා සංඝරත්නය පොළොවට බැහැලා ඇත්ත කතා කරන්න ඕන. අර්බුදය පැහැදිලිව වටහා ගන්න ඕන. කතා කළ නොහැකි ඇත්ත ලොරියක් තරම් වෙනවා. රට හදන්න බැරි එකම හේතුව කාටවත් ඕනකමක් නැතිකමයි ද උන්වහන්සේ පැවසුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමනේර හිමිවරුන්ට ... සිද්ද වෙන ප්‍රශ්න ගැනත් අපි කතාකරන්න බලාපොරොත්තු වෙනවා.
දේශපාලනේ කරන්න ගිහින් චීවරේට ගිය කලක්...
වැඩේ කියන්නේ සමහර විශ්ව විද්‍යාල සේවකයන් ඉන්නවනේ සිවුරු පොරවාගෙන... ඒ මදිවට එහෙම සමහරු ශාසනය හදන්නත් අනිත් අයට උපදෙස් දෙන්න යනවා.
දේශපාලකයින්ට හාමුදුරුවන් සමහරක් කඩේ ගියාම ඔහොම වෙනවා.
හාමුදුරුවනේ, දේශපාලනයට කඩේ ගියොත් ඔහොම තමයි...
අනේ මන්දා මෙහෙම ගියොත් අරාබියේ අයටත් වඳින්න වේවිද හාමුදුරුවන්ට...?
මහින්ද තමයි හාමුදුරුවෝ මහින්දගේ දේශපාලන වැඩවලට අනන් මනන් දීලා ගත්තේ එ්ක මුළු ලෝකෙම දැකලා තියෙන්නේ...
දේශපාලනයේ හාමුදුරුවරුත් කඩේ ගියේ මහින්දට...
මහින්ද සල්ලි දීලා, ඉඩම් දීලා, බෙන්ස් කාර් දීලා ... පිරිසක් කඩේ යැවුවා... ඒවා ප්‍රතිඵල තමයි ඔය ටිකටික එන්නේ..
ශාසනෙත් කෑවා, රටත් දෙකම කෑවා..
අපේ හොඳාකාරවම දන්නවා ඔබවහන්සේ කාටද කඩේ යන්නේ කියලා..
තනතුර අභිභවා භික්ෂු ඊර්ෂ්‍යාව ඉස්මතුවීමේ තවත් අවස්ථාවක්...
ඇතැම් හාමුදුරුවරුන්ලා දේශපාලනේට එයා රජවෙන්න කඩේ යැව්වා...
කාදිනල්තුමාට කිව්වට නම් වැඩක් නැහැ. එ්ත් රන්ජන්ට කිව්වොත් නම් කිරිගහට අැන්නා වගේ වගේ අකුරටම කෙරෙයි...
බුදුන් භික්ෂුවට හැසිරෙන්න කියා දේශනා කර තිබෙන ප්රාතිමෝක්ෂ ශීලයේම පිහිටනවානම් මොනවද භික්ෂුවට ඇතිවෙන ප්‍රශ්න?