(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා ත්‍රිකුණාමලය සාෆිනගර් ප්‍රදේශයේ වැලි ජාවාරමක් ක්‍රියාත්මක කරන බවත් ඔවුන් දෙදෙනා අද ආරක්ෂා කරන්නේ ඇමැතිවරයා බවත් සමගි ජන බලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.
මේ ජාවාරම සඳහා බලපත්‍රය වැරදි ආකාරයට දී ඇත්තේ අධ්‍යක්ෂ ජනරාල්වරයා බවත් බලපත්‍රය ලබාගෙන ඇත්තේ කාර්යාංශයේ සභාපතිවරයා බවත් මන්ත්‍රීවරයා කීවේය.
සභාපතිවරයා අධ්‍යක්ෂ ජනරාල්වරයා එකතුවී වැලි ජාවරම් කරන්නේ නම් මෙතන අණ පනත් ගැන කතා කර වැඩක් තිබෙනවාදැයි ප්‍රශ්න කළ මාන්නප්පෙරුම මහතා වැලි කැණීම් කරන්නේ සභාපතිවරයාට අයිති අප් ටවුන් වෙන්චර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය බවද කීවේය.
ඔහු මෙසේ පැවසුවේ සුළු හිමිකම් අධිකරණ කාර්ය පටිපාටිය ඇතුළු අධිකරණ පනත් කෙටුම්පත් පිළිබඳ විවාදයේදීය.
COMMENTS
පරිසර ඇමතිගේ හැටියට තමයි ගෝලයෝ