(අංජුල මහික වීරරත්න සහ යොහාන් භාසුර)
භු විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ධූරයෙන් ඉවත් කර තිබෙි.එමෙන්ම භු විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ද අනිවාර්යය නිවාඩු යවා ඇත.
භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සිදුව ඇති වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණු පැමිණිලි අනුව මෙම පියවර ගෙන තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වීමෙන් පසුව මෙලෙස වංචා දූෂණ අක්‍රමිකතා සම්බන්ධව ලැබුණු පැමිණිලි අනුව රාජ්‍ය ආයතන ප්‍රධානීන් 14 දෙනෙකු මේ වන විට ඉවත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
එමෙන්ම යම් රාජ්‍ය සේවකයෙක් වංචා, දූෂණ සහ අක්‍රමිකතාවලට සම්බන්ධ බවට තොරතුරු ලැබුණහොත් ඔවුන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරවලින් ඉවත් කිරීමට ඉදිරියේ දී ද කටයුතු කෙරෙනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
COMMENTS
මහ බැංකුව කඩපු එවුන් ගැන කාටද පැමිණිලි කරන්න ඕනි එතකොට?
මේක හොඳ දෙයක්.එත් ප්‍රශ්නය හොරුන් ,කප්පම්කාරයෝ තමන්ගේ ඇමති මණ්ඩලයේත් හිටගැනීම.උන්ට මොනවා කලත් පවර්ෆුල් .නිලධාරීන් විතරයි ගෙදර යවන්නේ .මේ නිසා මේ වංචනිකයින් ඕවත් කිරීමේ ජනාධිපතිගේ ක්‍රියාව අවංක වෙන්නේ නෑ .මුලින්ම ඇමති හොරු න් ඉවත් කරන්න
අලුත් හොරෙක් ඕනෑකර තිබේ!
දූරයෙන් ඉවත් කරයි. ඉන් ඉදිරියට ගන්නාවු ක්‍රියාමර්ගය කුමක්ද? සිදුකර එහි පරිසර හානිය පුරනය කරන්නෙ කෙසේද? මෙයට සම්බන්ද හොර රජ්්‍ය ඇමතියට එරෙහිව ගන්නාවු ක්‍රියා මර්ගය කවරේද? ජනතාව බලා සිටියි.