
(අංජුල මහික වීරරත්න)
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහා ඉතාමත් ඉක්මනින්ම විමර්ශන හා වැටලීම් ඒකකයක් ස්ථාපිත කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
නාවල පිහිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ පරිශ්‍රය නිරීක්‍ෂණයට කිරීමට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය. කාර්යාංශයේ මෙතෙක් කලක් පැවති සේවක ගැටලු, බලපත්‍ර ලබාදීමේ ගැටලු, නීති ගැටළු, ප්‍රවාහන ගැටලු සම්බන්ධයෙන් මෙහිදී සේවකයන් අමාත්‍යවරයා දැනුවත් කළේය.
මෙතෙක් කලක් පරිසර අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වූ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පසුගිය ඔක්තෝබර් 18 දා දින සිට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාශය යටතට පත්කර තිබෙයි.
1903 දී ලංකා ඛණිජ සමීක්ෂණ ආයතනය ලෙසින් ආරම්භ කරන ලද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ලංකාවේ ඛනිජ ගවේෂණය , බලපත්‍ර නිකුත් කිරීම , ගවේෂණ හා කල්බදු හිමිකම් පැවරීම, විද්‍යාගාර සේවා පවත්වාගෙන යාම, භූ විද්‍යා තොරතුරු ලබාදීම යන කාර්යයන් ඉටු කරනු ලබයි.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
භූ විද්‍යා-පතල් කාර්යාංශයට වැටලීම් ඒකකයක්