(චමිලා අල්විස්)
හොරණ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි තුනහමාරක මුදලක් කොල්ලකා ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම බැංකුවේ සහකාර කළමනාකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා දින හයක රැඳවුම් නියෝගයක් ලබාදීමටත්, එම බැංකුවේ ආරක්ෂක නිලධාරියා ජුනි 11 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමටත් හොරණ වැඩබලන මහේස්ත්‍රාත් කාන්ති කන්නන්ගර මහත්මිය නියෝග කළාය.
දින හයක රැඳවුම් නියෝග ලැබුවේ වෑවල, ගංගොඩ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි ඩී.ජී. නන්දන කුමාර නමැති බැංකුවේ සහකාර කළමනාකරුටය. රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි කේ.එල්.ජී. සුදර්ශන නමැති ආරක්ෂක නිලධාරියාය.
සැකකාර සහකාර කළමනාකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී මත්පෙති කාඩ්පත් කිහිපයක් සොයාගෙන ඇති අතර, ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත අදාළ බැංකුවේ ගබඩා කාමරයක සඟවා තිබූ රුපියල් ලක්ෂ 17ක මුදලක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රංජන් හපුතන්ත්‍රී මහතා අධිකරණය හමුවේ කියා සිටියේ සොයාගත් මුදල් සැකකරුගේ බවට වන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවය.
අධිකරණයේදී අනාවරණය වූ කරුණු අනුව සැකකරු කාන්තාවන් කිහිප දෙනකුගෙන් පොලියට මුදල් ලබාගෙන ඇති අතර, එම මුදල් ආපසු ඉල්ලා ඔවුන් විසින් දුරකථන කෙටි පණිවිඩ ද යවා තිබූ බව සඳහන් විය.
තවද සැකකරුගේ නිවසේ තිබී මත්පෙති කාඩ්පත් හමුවීම හේතුවෙන් ඔහු කිසියම් මත්ද්‍රව්‍ය ජාලයකට සම්බන්ධද යන්න පිළිබඳව ද විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර බුද්ධි අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීහු අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ.
ප්‍රධාන සැකකරු වෙනුවෙන් නීතිඥ රංජන් හපුතන්ත්‍රී මහතා පෙනී සිටි අතර, දෙවැනි සැකකරු වෙනුවෙන් නීතිඥ රොෂාන් දෙහිවල සහ නීතිඥ දුලාංග මිහිරංග මහත්වරු පෙනී සිටියහ.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර විමර්ශන කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd