
(නිමල කොඩිතුවක්කු)
ඩීසල් නොමැති වීමෙන් බහාලුම් ප්‍රවාහන රථ 4000 ක් පමණ තවදුරටත් ධාවනය නොවන බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා ප්‍රකාශ කළේය.
මේ හේතුවෙන් රටට එදිනෙදා අවශය ආහාර, fඖෂධ ආදී භාන්ඩ ප්‍රවාහන සේවා සම්පූර්නයෙන්ම ඇන හිට ඇතැයිද මංජුල මහතා කීවේය.
බහාලුම් ප්‍රවාහන රථ 6000 කට ආසන්න සංඛ්‍යාවක් ඇතත් ඉන් ධාවනය වන්නේ 2000කට ආසන්න ප්‍රමාණයක් බවද ඔහු පැවසීය.
ධාවනය වන බහාලුම් ප්‍රවාහන රථ ධාවනය වන්නේද කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් බැවින් පිට පළාත් සඳහා බාණ්ඩ ප්‍රවාහනය ගැටලුවක් වී ඇතැයිද හෙතෙම කීවේය.
ආනයන සහ අපනයන භාණ්ඩු ප්‍රවාහන සේවා සම්පූර්ණයෙන්ම බහාලුම් ප්‍රවාහන රථ මගින් සිදුකරන බැවින් එම සේවාවන් වලටද විශාල බාධාවක් එල්ල වී ඇතැයිද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd