
(යොහාන් භාසුර)
කොළඹ වරායේ තිබූ ආනයනය බහලුම් නිෂ්කාශනය කිරීමේ තදබදය සම්පූර්ණයෙන්ම අද (29) පෙරවරුවේ අවසන් වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.
සිරවී තිබූ සියලුම බහලුම් මේ වන විට නිෂ්කාශනය කර අවසන් බවත් මෙතැන් සිට එදිනෙදා ලැබෙන බහලුම් නිස්කාශනය කරන බවත් අරුක්ගොඩ මහතා කීය.
සාමාන්‍යයෙන් දිනකට බහලුම් 1200 ක් පමණ ලැබුණ ද පසුගිය සති කීපයේ ඇතැම් දිනවල බහලුම් ලැබීම 2900 දක්වා ඉහළ ගිය බවත් ඒ හේතුවෙණ් න් නිර්මාණය වූ තදබදය සහ ප්‍රමාදය නිසා බහලුම් නිෂ්කාශනය කිරිමට අතිරේක කාලයක් ගැනීමට සිදුවූ බව ද සීවලී අරුක්ගොඩ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බහලුම් කීයක් පරීක්ෂා නොකර නිදහස් කළාද කියලා කවුරුවත් දන්නවාද?
අහෝ චෝර වංසයා මේ සැරේ එල්ලිච්ච වැලත් ගහලා ගියා...!
රටේ අවශ්‍ය ප්‍රමාණයට වැඩිය රජයේ සේවකයෝ 3 ගුණයක් ඉන්නවා. , ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල උපාධිධාරී රජයේ සේවකයෝ කරන්න වැඩක් නැතිව නිකරුනේ කාලය ගත කරනවා... මේ සේවකයින්ට අවශ්‍ය පුහුණුව දීලා..., රේගු, ආගමන, විගමන, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, මෝටර් ප්‍රවාහන වැනි දෙපාර්තමේන්තුවලට අනුයුක්ත කර ජනතාව රස්තියාදු කරන්නේ නැතිව හොඳ සේවයක් ජනතාවට ලබාදෙන එක නේද රජය කරන්න ඕනේ? පාස්පෝර්ට් එකක්, හැඳුනුම්පතක, රියැදුරු බලපතක් ගන්න ගියාම, රේගුවෙන් භාණ්ඩයක් නිදහස් කරගන්න ගියාම හැම තැනම දිගු පෝලිම්...
අහෝ, යෝගාගේ සහ ගුණයාගේ බලාපොරොත්තු සුන්විය...
ඕවා ඉක්මනින් නිදහස් කළත් වැරැදියි, නොකළත් වැරැදියි, ඉතින් හෙට ඉඳලා ප්රවෘත්ති සාකච්ඡා තියලා බංකලොත් කට්ටිය අඬා වැටෙයි. ඔතැන සජිත් ගම්මන්පිල වාඩි කළා නම් හරි...!